Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd
කී‍්‍රඩා ව්‍යවස්ථාවේ ඇතිවී තිබෙන ගැටලූකාරී තත්ත්වය හේතුවෙන් රග්බි, ජලකී‍්‍රඩා හා බොක්සිං යන සංගම්හි නිලවරණ කල් දමා ඇත.
කී‍්‍රඩා සංගම් දහයක නිලවරණ අද (15දා) පැවැත්වීමට නියමිතව තිබුණි. කී‍්‍රඩා අමාත්‍යංශය සඳහන් කළේ වෙඩි තැබීම, කබඩි, මල්ලවපොර, කායවර්ධන, ජීවිතාරක්ෂක, චෙස්, ජල කී‍්‍රඩා, හොකී, රුවල් ඔරු, හා මෝටර් සයිකල් සංගම්හි නිලවරණ එසේ පැවැත්වීමට නියමිත බවයි.
නමුත් අන්තර් ජාතික ජල කී‍්‍රඩා සම්මේලනයේ (FINA) ව්‍යවස්ථාව, නව කී‍්‍රඩා පනත සමග නොගැලපීම හේතුවෙන් ඉහත නිලවරණ අතරින් ජල කී‍්‍රඩා සංගමයේ නිලවරණය මාස දෙකක කාලයකින් කල් ගොස් තිබේ.
මේ අතර හෙට (16දා) පැවැත්වීමට තිබූ ශ්‍රී ලංකා බොක්සිං සම්මේලනයේ නිලවරණයේද මේ හා සමාන ප‍්‍රශ්නයක් උද්ගත වී ඇත. මේ සම්බන්ධයෙන් කළ විමසුමකදී ශ්‍රී ලංකා බොක්සිං සම්මේලනයේ සභාපති ඕබි‍්‍ර පීරිස් මහතා පැවසුවේ ජාත්‍යන්තර බොක්සිං සම්මේලනයේ ව්‍යවස්ථාව හා ශ්‍රී ලංකා කී‍්‍රඩා පනතේ ඇති නොගැලපීම නිවැරැදි කිරීම සඳහා සිය නිලවරණය මාස 06 ක කාලයක් කල් දැමීමට ඉල්ලා සිටීමට ඊයේ (14දා) උදෑසන අමාත්‍යවරයා සමග සාකච්ඡා කිරීමට ගියද අමාත්‍යවරයාව හමුවීමට අවස්ථාවක් නොලැබුණු බවයි.
මීට අමතරව අද (15දා) පැවැත් වීමට නියමිතව තිබූ රග්බි සංගම් නිල වරණයද දින නියමයක් නොමැතිව කල්ගොස් තිබේ. මේ සම්බන්ධයෙන් ශ‍්‍රී ලංකා රග්බි සංගමයේ ලේකම් නලින්ද සිල්වා මහතාගෙන් කළ විමසීමකදී ඒ මහතා පවසා සිටියේ රග්බි සංගමයේ සභාපති අසංග සෙනෙවිරත්න මහතා කී‍්‍රඩා අමාත්‍යවරයා සමග කරන ලද සාකච්ඡාවකින් අනතුරුව පෙරේදා (13දා) මෙම තීරණය ගත් බවයි. මීට අමතරව ශ්‍රී ලංකා පාපන්දු සම්මේලනයේ නිලවරණය එළඹෙන 23 වැනිදා පැවැත්වීමට නියමිතය.
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.