Last Update  :  2024-05-04 10:30:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Rugby යුද හමුදාපති කුසලාන සංඥා බලකායට

යුද හමුදාපති කුසලාන සංඥා බලකායට

editorial - 2023 අගෝ මස 14 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

හමුදාපති කුසලාන වෙනුවෙන් පැවැති යුද්ධ හමුදා අන්තර් රෙජිමේන්තු රගර් ශූරතාවලියේ ජය ශ්‍රී ලංකා සංඥා බලකා කණ්ඩායම විසින් අත්කර ගන්නා ලදි. මෙම තරගාවලිය පනාගොඩ යුද හමුදා රගර් පිටියේදී පැවැත්විණි.

අවසන් මහා තරඟයේදී සංඥා බලකාය විසින්  පොදුසේවා බලකාය පරදවා ලකුණු 19-17 ක ජයක් අත්කර ගත්තේය. සංඥා බළකාය 1979 සිට 1988 දක්වා අඛණ්ඩව වසර 9 ක් යුද හමුදා අන්තර් රෙජිමේන්තු රග්බි ශූරතාව දිනා ඇති නමුත් මෙවර ශූරතාව දිනාගත්තේ වසර 35 කට පසුවය.

අවසන් තරග පැවැත්වෙන අවස්ථාවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස යුද හමුදාධිපති ලුතිනන් ජෙනරල් විකුම් ලියනගේ මහතා සභභාගි විය.

- 213


අදහස් (0)

යුද හමුදාපති කුසලාන සංඥා බලකායට

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.