Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd
අන්තර් සමාජ ‘ඩයලොග්’ කුසලාන පළමු කොටසේ ලීග් රග්බි තරගාවලියේ තෙවැනි සතියේ නිත්තවෙල ක‍්‍රීඩාංගණයේදී අද (15) පැවැති තරගයේදී මහනුවර ක‍්‍රීඩා සමාජය හැව්ලොක්ස් පිලට එරෙහිව ලකුණු 25-24 ක තියුණු ජයක් ලැබීය.
අවසන් මිනිත්තු 10 වන විට හැව්ලොක්ස් පිල ලකුණු 24-13 ක් ලෙස පෙරමුණේ පසු වූ අතර එම මිනිත්තු 10 තුළදී ගෝලයක් සහ උත්සාහක දිනුමක් සම්පූර්ණ කරමින් මහනුවර පිල ජයග‍්‍රහණය ලැබීය.
මහනුවර ක‍්‍රීඩකයෝ ගෝලයකින්, උත්සාහක දිනුම් තුනකින් සහ දඩුවම් පහරකින් ලකුණු එකතු කර ගැනීමට සමත් වූහ. හැව්ලොක්ස් පිලට ගෝල තුනකින් සහ දඩුවම් පහරකින් ලකුණු එකතු විය.
හැව්ලොක්ස් පිල පළමු අර්ධය අවසන් වන විට ලකුණු 17-3 ක් ලෙස පෙරමුණ ගෙන සිටියේය.
- 048
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.