Last Update  :  2025-12-05 13:38:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Rugby භාණ්ඩාගාරික ධූරයෙන් කිරාන් අස්වෙයි

භාණ්ඩාගාරික ධූරයෙන් කිරාන් අස්වෙයි

ශනුක අරවින්ද - 2015 ජන මස 18 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

ශ්‍රී ලංකා රග්බි සංගමයේ භාණ්ඩාගාරික කිරාන් අතපත්තු මහතා එම ධූරයෙන් ඉල්ලා අස්වීමට තීරණය කර තිබේ. රග්බි සංගමයේ ඇතැම් නිලධාරීන්ගේ මූල්‍ය අක‍්‍රමිකතා ඒ මහතාගේ ඉවත්වීමට ප‍්‍රධාන හේතු වී ඇති බව වාර්තා වේ. 

අතපත්තු මහතා භාණ්ඩාගාරික ධූරයෙන් ඉවත් වන බවට පසුගිය සතියේ රග්බි සංගමයට ලිඛිතව දැනුම් දුන් බවට ද දැනගන්නට තිබේ.  

අතපත්තු මහතා 2009 වසරේ සිට ශ්‍රී ලංකා රග්බි සංගමයේ භාණ්ඩාගාරික වරයා ලෙස කටයුතු කරන අතර ඒ මහතා ශ්‍රී ලංකා මලල ක‍්‍රීඩා සංගමයේ ද භාණ්ඩාගාරිකවරයා ලෙස කටයුතු කරයි. 

ඉල්ලා අස්වීම පිළිබදව කළ විමසුමකදී අතපත්තු මහතා පැවසුවේ රග්බි සංගමයේ ඇතැම් නිලධාරීන්ගේ මූල්‍ය අක‍්‍රමිකතා සම්බන්ධයෙන් තමන් කාලයක සිට බලා සිටි බවත් ඒවා වැළැක්වීමට කටයුතු කළ ද නිවැරදි නොවීම හේතුවෙන් මෙම තීරණයගත් බවත්ය.

”සංගමයේ ප‍්‍රධාන නිලධාරියකු මගේ අත්සන ලබාගැනීමට චෙත්පතක් යොමුකර තිබුණා. මම එය අත්සන් කර යැවුවා. නමුත් පසුව සොයා ලැබීමේදී එය මා ලබාදී තිබූ උපදෙස්වලට පටහැනිව ලබා දුන් ගෙවීමක්. මේ තත්ත්වය හේතුවෙන් මට තවදුරටත් කටයුතු කරන්න බෑ”

”ගුවන් ප‍්‍රවේශපත් වෙන්කරන විට මා උපදෙස් දුන්නා අවම වශයෙන් සැපයුම්කරුවන් තිදෙනකුගෙන්වත් මිල කැ`දවා ඉන් අඩුම එක ලබාගන්න කියලා. 

නමුත් දැන් වෙන්නේ එක නිලධාරියකු ඔහුගේ හිතවතකු වන වැඩිම මිල ඉදිරිපත් කළ පුද්ගලයාට සැපයුම් අවස්ථාව ලබාදීමයි” යැයි අතපත්තු මහතා වැඩි දුරටත් පැවසීය. 

මෙම ගනුදෙණුවේ විශේෂත්වය වන්නේ එකම ගුවන් සේවයේ වැඩිම මිල ඉදිරිපත් කළ පුද්ගලයාට ගුවන් ප‍්‍රවේශපත් සැපයීමේ අවස්ථාව ලබාදීම බව රග්බි සංගමයේ නිලධාරියකු පැවසීය.


අදහස් (0)

භාණ්ඩාගාරික ධූරයෙන් කිරාන් අස්වෙයි

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.