Last Update  :  2024-04-25 14:53:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Rugby පොලිසිය - ගුවන් හමුදාව පළඟ ශූරතාවට ගැටෙයි
රග්බි ලීගය

පොලිසිය - ගුවන් හමුදාව පළඟ ශූරතාවට ගැටෙයි

editorial - 2023 පෙබ මස 16 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

(ශානුක අරවින්ද) 

ශ්‍රී ලංකා රග්බි සංගමය සංවිධානය කරන 2023 අන්තර් සමාජ පළමු පෙළ රග්බි ලීගයේ පළඟ ශූරතාව දිනාගන්නා කණ්ඩායම තීරණය කෙරෙන තීර්ණාත්මක තරගය ගුවන් හමුදාව සහ පොලිසිය අතර හෙට (17 වැනිදා) පස්වරු 4.00 ට බම්බලපිටිය පොලිස් ක්‍රීඩාංගණයේදී පැවැත්වේ. 

මේ වන විට එම ගුවන් හමුදාව තරග 4 ක් ජයගෙන ප්‍රසාද ලකුණු 9 ක් සමග මුළු ලකුණු 29 ක් ලබා සිටින අතර පොලිසිය ලකුණු 28 ක් ලබා සිටින්නේ තරග 5 ක් ජයගෙන ප්‍රසාද ලකුණු 3 කට හිමිකම් කියමිනි. 

එබැවින් කණ්ඩායම් දෙක අතර හෙට පැවැත්වෙන තරගයේ ජයග්‍රාහකයන් මෙවර රග්බි ලීගයේ පළඟ ශූරයන් බවට පත්වනු ඇත. ඉන් පරාජයට පත්වන කණ්ඩායමට පළඟ අනු ශූරතාවෙන් සෑහීමකට පත්වීමට සිදුවනු ඇත. 


අදහස් (0)

පොලිසිය - ගුවන් හමුදාව පළඟ ශූරතාවට ගැටෙයි

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.