Last Update  :  2025-05-13 15:33:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Rugby පොලිසියට 20-8 ක ජයක්

පොලිසියට 20-8 ක ජයක්

සංජය එරමුදුගොඩ - 2014 නොවැ මස 15 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

ශ්‍රී ලංකා රග්බි පාපන්දු සංගමය මෙහෙයවන ‘ඩයලොග්’ කුසලාන අන්තර් සමාජ පළමු කොටසේ ලීග් රග්බි තරගාවලියේ තෙවැනි සතිය යටතේ පොලිස් පිල සහ හම්බන්තොට ශාක්ස් පිල අතර පොලිස් ක‍්‍රීඩාංගණයේදී අද (15) අවසන් වූ තරගයෙන් පොලිස් ක‍්‍රීඩකයෝ ලකුණු 20-8 ක ජයක් ලැබීමට සමත් වූහ.

ජයග‍්‍රාහි පොලිස් පිල ගෝල දෙකින් සහ දඩුවම් පහර දෙකකින් ලකුණු ලැබූ අතර ශාක්ස් පිලට උත්සාහක දිනුමකින් සහ දඩුවම් පහරකින් ලකුණු එකතු විය.

පොලිස් පිල පළමු අර්ධය අවසන් වන විට ලකුණු 13-8 ක් ලෙස පෙරමුණේ පසු විය. දෙවැනි අර්ධයේදී පොලිස් පිල තවත් ගෝලයක් සම්පූර්ණ කළ ද ශාක්ස් පිලට ලකුණු ලබාගැනීමට නොහැකි විය.

පොලිස් පිලේ විදේශීය ක‍්‍රීඩකයන් දෙදෙනා වන සේරු සහ නකුලීවර් පොලිස් පිලේ බර කරට ගෙන ක‍්‍රීඩා කළ ආකාරය දැකගත හැකි විය. පොලිස් පිලට එකතු වූ උත්සාහක දිනුම් දෙක මෙම ක‍්‍රීඩකයන් දෙදෙනා ලබාගත්හ. සමන්ත ලක්‍ෂාන් දඩුවම් පහර දෙක සහ ගෝල ප‍්‍රවර්ථන දෙක සම්පූර්ණ කරමින් පොලිසියට අතිරේක ලකුණු එකතු කළේය.

ශාක්ස් පිලේ විදේශ ක‍්‍රීඩක එමෝරි උත්සාහක දිනුම සම්පූර්ණ කළ අතර අම්ජාඞ් බක්ස් දඩුවම් පහර සාර්ථක කළේය.

පෙරේදා මෙම තරගය පැවැත්වෙමින් තිබියදී දැඩි වර්ෂාව ඇද හැළීම නිසා එය අතරමගදී නතර කළ අතර තරගයේ 26 වැනි මිනිත්තුවේදී සිට අද නැවතත් තරගය ආරම්භ විය. ඊයේ තරගය අත්හිටු වන විට පොලිස් පිල ලකුණු 10-5 ක් ලෙස පෙරමුණේ සිටියේය.

 


අදහස් (0)

පොලිසියට 20-8 ක ජයක්

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.