Last Update  :  2025-05-13 15:33:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Rugby පොලිස් - ශාක්ස් තරගය වැස්සට නවතී

පොලිස් - ශාක්ස් තරගය වැස්සට නවතී

සංජය එරමුදුගොඩ - 2014 නොවැ මස 14 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

ශ්‍රී ලංකා රග්බි පාපන්දු සංගමය මෙහෙයවන ‘ඩයලොග්’ කුසලාන අන්තර් සමාජ පළමු කොටසේ ලීග් රග්බි තරගාවලියේ තෙවැනි සතියේ තරග ආරම්භ කරමින් පොලිස් පිල සහ හම්බන්තොට ශාක්ස් පිල අතර පොලිස් ක‍්‍රීඩාංගණයේදී අද (14) පැවැති තරගය වාර්ෂාව හේතුවෙන් අත්හිටුවීමට සිදුවිය.

පොද වැස්සක් වැටෙමින් තිබියදී ආරම්භ කළ තරගය වාර්ෂාව සහ විදුලි කෙටීම දැඩි වීම නිසා 25 වැනි මිනිත්තුවේදී අත්හිටුවන ලදි. ඒ වන විට පොලිස් පිල ලකුණු 10-5 ක් ලෙස පෙරමුණේ සිටියේය.

රග්බි සංගමයේ නිලධාරියකු පැවසුවේ තරග පැවැත්වීමට නොහැකි වුවහොත් හෙට (15 වැනිදා) 26 වැනි මිනිත්තුවේ සිට තරගය පවත්වන බවයි.

 


අදහස් (0)

පොලිස් - ශාක්ස් තරගය වැස්සට නවතී

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.