Last Update  :  2024-05-03 20:36:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Rugby පිළිමළුන් පිටුදැකීමේ තරගාවලිය හෙට සිට
පාසල් රග්බි

පිළිමළුන් පිටුදැකීමේ තරගාවලිය හෙට සිට

editorial - 2023 අගෝ මස 24 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

(ශානුක අරවින්ද) 

ජනාධිපති, අගමැති සහ සභාපති යන කුසලාන 3 වෙනුවෙන් ශ්‍රී ලංකා පාසල් රග්බි සංගමය සංවිධානය කරන අන්තර් පාසල් පිළිමළුන් පිටුදැකීමේ රග්බි තරගාවලිය කණ්ඩායම් 21 ක සහභාගීත්වයෙන් හෙට (25 වැනිදා) හැව්ලොක් ක්‍රීඩාංගණයේදී ආරම්භ වේ. 

සෑම කුසලානයක් සඳහාම අර්ධ අවසන් පූර්ව වටයේ සිට තරග පැවැත්වෙන අතර ඉන් පළමු අවසන් පූර්ව තරගය සඳහා සුදුසුකම් ලබා සිටින කණ්ඩායම් නිතරග ජය ලබා අවසන් පූර්ව වටයට පිවිසෙනු ඇත. 

ඒ අනුව කොළඹ ඉසිපතන විදුහල ජනාධිපති කුසලාන අවසන් පූර්ව වටයටත්, කොළඹ තර්ස්ටන් විදුහල අගමැති කුසලාන අවසන් පූර්ව වටයටත්, පානදුර ශ්‍රී සුමංගල විදුහල සභාපති අවසන් පූර්ව වටයටත් සුදුසුකම් ලබා සිටියි. 

කුසලාන 3 සඳහාම වූ සෙසු අර්ධ අවසන් පූර්ව තරග හෙට, අනිද්දා (26 වැනිදා) සහ 27 වැනිදා හැව්ලොක් ක්‍රීඩාංගණයේදී පැවැත්වෙන අතර ඉන් සභාපති කුසලාන තරග පෙරවරු 10.00 ටද, අගමැති කුසලාන තරග පස්වරු 2.00 ටද, ජනාධිපති කුසලාන තරග පස්වරු 4.15 ටද ආරම්භ වනු ඇත. 

තරගාවලියේ අවසන් පූර්ව තරගද හැව්ලොක් ක්‍රීඩාංගණයේදීම පැවැත්වෙන අතර පළමු අර්ධ අවසන් පූර්ව තරගයෙන් නිතරග ජය ලබා සිටින කණ්ඩායමට එරෙහිව දෙවැනි අර්ධ අවසන් පූර්ව තරගයෙන් ජය ලබන කණ්ඩායම සැප්තැම්බර් මස 2 වැනිදා පළමු අවසන් පූර්ව තරගයේදී තරග වැදීමට නියමිතය. 

තෙවැනි සහ සිවුවැනි අර්ධ අවසන් පූර්ව තරගවල ජයග්‍රාහකයන් අතර සැප්තැම්බර් මස 3 වැනිදා දෙවැනි අවසන් පූර්ව තරගය පැවැත්වෙනු ඇත. සභාපති කුසලාන සහ අගමැති කුසලාන සඳහා වූ අවසන් මහ තරග සැප්තැම්බර් මස 9 වැනිදා පිළිවෙළින් පස්වරු 2.00 ට සහ 4.15 ට ආරම්භ වනු ඇත. 

ජනාධිපති කුසලාන අවසන් මහ තරගය සැප්තැම්බර් මස 10 වැනිදා පස්වරු 4.15 ආරම්භ වීමට නියමිත අතර සියලුම අවසන් මහ තරග කොළඹ රාජකීය විදුහල් ක්‍රීඩා සංකීර්ණයේදී පැවැත්වීමට සංවිධායකයන් කටයුතු යොදා තිබේ. 

ජනාධිපති කුසලාන 
අගෝ. 25 වැනිදා - කොළඹ ඩී.එස්. සේනානායක විදුහල සහ මරදාන සහිරා විදුහල අතර 
අගෝ. 26 වැනිදා - කටුගස්තොට ශාන්ත අන්තෝනි විදුහල සහ මරදාන ශාන්ත ජෝෂප් විදුහල අතර 
අගෝ. 27 වැනිදා - බම්බලපිටිය ශාන්ත පීතර විදුහල සහ මහනුවර ත්‍රිත්ව විදුහල අතර 

අගමැති කුසලාන 
අගෝ. 25 වැනිදා - පිළියන්දල මැදි විදුහල සහ කොළඹ ලුම්බිණි විදුහල අතර 
අගෝ. 26 වැනිදා - කොළඹ මහානාම විදුහල සහ කුරුණෑගල මලියදේව විදුහල අතර 
අගෝ. 27 වැනිදා - මහනුවර ශ්‍රී සුමංගල විදුහල සහ කොළඹ ආනන්ද විදුහල අතර 

සභාපති කුසලාන 
අගෝ. 25 වැනිදා - ගාල්ල රිච්මන්ඩ් විදුහල සහ කොළඹ ලලිත් ඇතුළත්මුදලි විදුහල අතර 
අගෝ. 26 වැනිදා - නුගේගොඩ ශාන්ත ජෝන් විදුහල සහ කොළඹ නාලන්දා විදුහල අතර 
අගෝ. 27 වැනිදා - මාතර රාහුල විදුහල සහ පාදුක්ක සිරි පියරතන විදුහල අතර 


අදහස් (0)

පිළිමළුන් පිටුදැකීමේ තරගාවලිය හෙට සිට

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.