Last Update  :  2024-05-06 19:12:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Rugby පාසල් සත් සාමාජික රග්බි තරග හෙට - අනිද්දා

පාසල් සත් සාමාජික රග්බි තරග හෙට - අනිද්දා

editorial - 2024 අප්‍රේ මස 19 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

(ශානුක අරවින්ද) 

ශ්‍රී ලංකා පාසල් රග්බි සංගමය සංවිධානය කරන වයස 19 න් පහළ සත් සාමාජික අන්තර් පාසල් රග්බි තරගාවලිය හෙට (20 වැනිදා) සහ අනිද්දා (21 වැනිදා) යන දිනවල පෙරවරු 9.00 සිට කොළඹ රාජකීය විදුහල් ක්‍රීඩා සංකීරණයේදී පැවැත්වේ. 

පාසල් 19 ක සහභාගීත්වයෙන් පැවැත්වෙන මෙම තරගාවලියේ ප්‍රධාන අනුග්‍රාහකයා ලෙස ඩයලොග් ආසියාටා සමාගම කටයුතු කරන අතර ඩයලොග් ටෙලිවිෂන් නාලිකා අංක 63 ඔස්සේ සහ ඩයලොග් වියූ යෙදවුම ඔස්සේ තරගාවලිය සජීවී ලෙස විකාශනය කෙරේ. 

කොළඹ ඉසිපතන, කොටහේන ශාන්ත බෙනඩික්, මොරටුව වේල්ස් කුමර, පානදුර සුමංගල, මහනුවර ධර්මරාජ, කොළඹ ආනන්ද, කොළඹ රාජකීය, කොළඹ නාලන්දා, කොළඹ කේරි, ගල්කිස්ස විද්‍යා, කොළඹ ලුම්බිණි, ගාල්ල රිච්මන්ඞ්, ගාල්ල ශාන්ත ඇලවීෂියස්, පාදුක්ක සිරි පියරතන, මහනුවර විද්‍යාර්ථ, මහනුවර ශ්‍රී රාහුල, බම්බලපිටිය ශාන්ත පීතර, කුරුණෑගල මලියදේව සහ පිළියන්දල මැදි විදුහල මෙවර තරගාවලියට සහභාගිවන විදුහල්ය.  

මූලික වටයේ තරග ලීග් ක්‍රමයට අනුව පැවැත්වෙන අතර සෑම කාණ්ඩයකින්ම කණ්ඩායම් දෙක බැගින් දෙවැනි වටයට සුදුසුකම් ලබනු ඇත. ඒ අනුව කණ්ඩායම් 16 ක් දෙවැනි වටයට සුදුසුකම් ලබන අතර එතැන් පටන් තරගාවලිය පිළිමළුන් පිටු දැකීමේ ක්‍රමයට අනුව පැවැත්වෙනු ඇත. 


‘ඒ’ කාණ්ඩය 
කොළඹ ඉසිපතන විදුහල සහ කොටහේන ශාන්ත බෙනඩික් විදුහල 

‘බී’ කාණ්ඩය
මොරටුව වේල්ස් කුමර විදුහල සහ පානදුර සුමංගල විදුහල 

‘සී’ කාණ්ඩය 
මහනුවර ධර්මරාජ විදුහල සහ කොළඹ ආනන්ද විදුහල

‘ඩී’ කාණ්ඩය 
කොළඹ රාජකීය විදුහල, කොළඹ නාලන්දා විදුහල සහ කොළඹ කේරි විදුහල

‘ඊ’ කාණ්ඩය 
ගල්කිස්ස විද්‍යා විදුහල, කොළඹ ලුම්බිණී විදුහල සහ ගාල්ල රිච්මන්ඞ් විදුහල 

‘එෆ්’ කාණ්ඩය 
පිළියන්දල මැදි විදුහල, ගාල්ල ශාන්ත ඇලවීෂියස් විදුහල සහ පාදුක්ක සිරි පියරතන විදුහල 

‘ජී’ කාණ්ඩය 
මහනුවර විද්‍යාර්ථ විදුහල සහ මහනුවර ශ්‍රී රාහුල විදුහල 

‘එච්’ කාණ්ඩය 
බම්බලපිටිය ශාන්ත පීතර විදුහල සහ කුරුණෑගල මලියදේව විදුහල 


අදහස් (0)

පාසල් සත් සාමාජික රග්බි තරග හෙට - අනිද්දා

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.