.jpg)
අන්තර් සමාජ පළමු කොටසේ ‘ඩයලොග්’ කුසලාන ලීග් රග්බි තරගාවලියේ දෙවැනි වටයේ තරග ආරම්භ කරමින් වැලිසරදී ඊයේ (16) පැවැති තරගයට නාවික හමුදා පිලේ නිත්‍ය නායක යෝෂිත රාජපක්‍ෂ ක‍්‍රීඩා නොකළ ද හම්බන්තොට ශාක්ස් පිලට එරෙහිව ලකුණු 125-7 ක අති දැවැන්ත ජයක් ලබාගැනීමට නාවික හමුදා පිල සමත් විය.
හිටපු ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මහතාගේ දෙවැනි පුත‍්‍රයා වන යෝෂිත රාජපක්‍ෂ නාවික හමුදාවේ ලූතිනන්වරයකු ලෙස වසර කීපයක් සේවය කළ අතර නාවික හමුදා පිලේ නායකයා ලෙසද කටයුතු කළේය.
පසුගිය 8 වැනිදා පැවැති මැතිවරණයෙන් පසුව ලංකාදීප කළ විමසීමකදී නාවික හමුදා පිලේ නිලධාරියකු පැවසුවේ යෝෂිත මෙම තරගයට සහභාගි වන බවයි.
එහෙත් වැලිසර නාවික හමුදා ක`දවුරු භූමියේ පැවැති මෙම තරගයට සහභාගි නොවූ යෝෂිත ඉදිරි දිනවල පිටත ක‍්‍රීඩාංගණවල පැවැත්වෙන තරගවලට සහභාගි වීම ද අවිනිශ්චිත තත්ත්වයකට පත්ව ඇතැයි තතු දන්නෝ කියති.
ජාතික කණ්ඩායම නියෝජනය කළ ප‍්‍රබල ක‍්‍රීඩකයකු වන සජිත් සාරංග නාවික හමුදා පිලේ නායකයා ලෙස කටයුතු කළ අතර නාවික සහ ශාක්ස් යන කණ්ඩායම් දෙකටම විදේශිය ක‍්‍රීඩකයෝ රැසක් ක‍්‍රීඩා කළහ.
යෝෂිත පසුගිය දිනවල පුහුණුවීම් සදහා සහභාගි වූ බවට ඇතැමුන් පැවසුව ද, ඒ පිළිබ`දව කළ විමසීමකදී නාවික හමුදා නිලධාරීහු අදහස් දැක්වීමෙන් වැළකී සිටියහ. කෙසේ වෙතත් වැලිසර ක‍්‍රීඩාංගණයේ මීට පෙර තරගවලට වඩා ඊයේ තරගය පාළු ස්භාවයක් ඉසිලූ අතර තරගය නැරඹීමට නාවික හමුදාවේ සහභාගිත්වය ද අවම මට්ටමක පැවතුණි.
තරගයේ පළමු අර්ධය අවසන් වන විට නාවික හමුදාව ලකුණු 43-0 ක් ලෙස පෙරමුණේ පසුවිය. ජයග‍්‍රාහි නාවික හමුදා පිල ගෝල 15 කින් සහ උත්සාහක දිනුම් 4 කින් ලකුණු ලැබීය. ශාක්ස් පිලේ ලකුණු 7 ගෝල දිනුමකින් ලැබිණ.
ඡයාරූපය : ශාන්ත රත්නායක
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.