Last Update  :  2024-05-03 20:36:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Rugby නවසීලන්තයත් කඩුල්ල පැනගනී
ලෝක කුසලාන රග්බි - 2023

නවසීලන්තයත් කඩුල්ල පැනගනී

editorial - 2023 ඔක් මස 15 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

රග්බි ලෝක කුසලාන තරගාවලියේ ඊයේ පැවැති අර්ධ අවසන් පූර්ව තරගයේදී අයර්ලන්තය පරාජය කරමින් නවසීලන්තය අවසන් පූර්ව වටයට සුදුසුකම් ලබාගත්තේය. මෙම තරගයේදී නවසීලන්ත ක්‍රීඩකයෝ ලකුණු 28-24 ලෙස අයර්ලන්තය පරාජය කළහ.

තරගයේ 8 වැනි විනාඩියේදීම රිචී මෞන්ගා නවසීලන්තය ඉදිරියට ගෙන ගියේය. 19 වැනි විනාඩියේදී ලබාගත් උත්සාහක දිනුම රිචී මෞන්ගා විසින් ප්‍රවර්ථනය කිරීමත් සමගින් කළු කමිසකාරයෝ ලකුණු 13-0 ක් ලෙස ඉදිරියf පැමිණියේ අයර්ලන්තය සසළ කරමිනි. 

සෙන්ටර් ක්‍රීඩක බුන්ඩි අකී ලබාගත් උත්සාහක දිනුම ගෝලයක් බවට ප්‍රවර්තනය වූයෙන් විනාඩි 10 ක් ඇතුළත අයර්ලන්තය සටනට පිවිසියේය. 

පළමු අර්ධය නිමා වූයේ 18-17 ක් ලෙසින් නවසීලන්තය පෙරමුණේ සිටිමිනි. 

දෙවැනි අර්ධයේ විනාඩි 15 ක් පමණ ගතවීමෙන් පසුව නවසීලන්ත ලකුණු සංඛ්‍යාව 25 ක් විය. 64 වැනි විනාඩියේදී ලද දඬුවම් උත්සාහක දිනුමක් හේතුවෙන් අයර්ලන්තයත් නවසීලන්තයත් අතර ලකුණු පරතරය නැවත වරක් එක ලකුණක් දක්වා පටු විය. 

තරගය අවසන් වීමට ඇත්තේ විනාඩි 15 කට ආසන්න කාලයකි. මේ අතරවාරයේදී නවසීලන්තයේ සෙන්ටර් ජෝර්ඩි බැරට්ට ලැබුණු දඬුවම් පහරක් සාර්ථක කරගත්තේ ලකුණු සංඛ්‍යාව 28-24 ක් ලෙසින් නවසීලන්තය ඉදිරියෙන් තබමිනි. බැරට්ගේ එම දඬුවම් පහර ලබන 20 වැනිදා පැරිසියේදී ආර්ජන්ටිනාවට හමුවීමට තරම් නවසීලන්තයට ප්‍රමාණවත් විය. 

තරගය පරාජය වූවත්, අයර්ලන්තයේ 38 හැවිරිදි නායකයාට උපහාර දැක්වීමට පුහුණුකරු ඇන්ඩි ෆැරල් පසුබට නොවීය. ජොනී සෙක්ස්ටන් රග්බි ක්‍රීඩාවෙන් විශ්‍රාම ගන්නා අතර ඔහුගේ තරග දිවිය අවසන් වී තිබේ.

‘පූමාස්ලා’ හෙවත් ආර්ජන්ටිනා කණ්ඩායමත් සමගින් පැවත්වෙන අවසන් පූර්ව තරගයට පෙර, නැවත ප්‍රකෘති තත්ත්වයට පත්වීම සඳහා නවසීලන්ත ක්‍රීඩකයන්ට දින 5 ක කාලයක් තිබේ. 

- 213


අදහස් (0)

නවසීලන්තයත් කඩුල්ල පැනගනී

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.