(ෂේන් සෙනෙවිරත්න)
ශ්‍රී ලංකා පාසල් රග්බි සංගමය විසින් සංවිධානය කරනු ලබන අග්‍රඅමාත්‍ය කුසලාන පිළිමලුන් පිටුදැකීමේ රග්බි තරගාවලියේදී ධර්මරාජ විදුහලත් ශාන්ත සිල්වෙස්තර විදුහලත් අතර පැවැති අවසන් පූර්ව තරගයෙන් ලකුණු 26- 21 ක ජයක් වාර්තා කරමින් එහි අවසන් මහා තරගයට සුදුසුකම් ලැබීමට ධර්මරාජ රග්බි පිල සමත් විය. මෙම තරගය නිත්වෙල ක්‍රීඩා පිටියදී පැවැත්විණ.
තරගයේ ප්‍රථම අර්ධය නිමා වන විට ලකුණු 14-07 ක් වශයෙන් ධර්මරාජ පිල ඉදිරියෙන් සිටියේය.
ජයග්‍රාහි ධර්මරාජ විදුහල ගෝල දිනුම් 3 ක් සහ එක් උත්සාහක දිනුමක් මගින් ලකුණු වාර්තා කළ අතර සිල්වෙස්තර පිල ගෝල දිනුම් 03 ක් මගින් ලකුණු රැස් කළේය.
ධර්මරාජ පිල වෙනුවෙන් සදෙව් ඒකනායක උත්සාහක දිනුම් 2 ක් වාර්තා කළ අතර ඩබ්ලිව්.ඩී. දිසානායක සහ එම්.පී. මනෝද්‍ය එක් උත්සහක දිනුම බැගින් වාර්තා කළහ. එස්.සී. ප්‍රනාන්දු ප්‍රවර්තන 03 ක් සාර්ථක කර ගත්තේය.
සිල්වෙස්තර පිල වෙනුවෙන් ඩී.ඒ. ගමගේ, එස්.බී. ඒකනායක සහ නෙත්සර ගුණසේකර උත්සාහක දිනුම බැගින් ලබාගත්හ. ඉමාශ නෙත්සර උත්සාහක දිනුම් තුනක් ගෝල දිනුම් බවට පත් කළේය.
තරඟ විනිසුරු වශයෙන් තරිඳු පෙරේරා මහතා කටයුතු කළේය.
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.