Last Update  :  2025-10-15 21:30:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Rugby ඩයලොග් පාසල් රග්බි සම්මාන උළෙලෙන්..

ඩයලොග් පාසල් රග්බි සම්මාන උළෙලෙන්..

editorial - 2025 ඔක් මස 09 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A


ඩයලොග් ආසිආටා පුද්ගලික සමාගම විසින් මෙටර පාසල් රග්බි ක්‍රීඩකයන් ඇගයීම සඳහා සංවිධානය කරනු ලැබූ ‘ඩයලොග් පාසල් රග්බි ලීග් සම්මාන උළෙල 2025’ ඉකුත්දා කොළඹ බණ්ඩාරනායක ජාත්‍යන්තර සම්මන්ත්‍රණශාලා පරිශ්‍රයේදී පැවැත්විණි.

එහිදී මෙම වසරේ අන්තර් පාසල් ලීග් රග්බි තරගාවලියේ ශූරතා දිනූ කණ්ඩායම් සඳහා සම්මාන පිරිනැමීම සිදු කෙරිණ. සම්මාන උළෙලේ ප්‍රධානම සම්මානයට හිමිකම් කීමට පළමු කොටසේ ‘ඒ’ කාණ්ඩයේ කුසලාන ශූරයන් වූ මහනුවර ත්‍රිත්ව විදුහල සමත් විය. 

පළමු කොටසේ ‘ඒ’ කාණ්ඩයේ අනු ශූරතාව වෙනුවෙන් වූ සම්මානය කොළඹ වෙස්ලි විදුහල සතුවූ අතර එහි පළඟ ශූරතාව හිමිකර ගැනීම වෙනුවෙන් කොළඹ ඩී.එස්. සේනානායක විදුහලත්, බඳුන ශූරතාව හිමිකර ගැනීම වෙනුවෙන් කටුගස්තොට ශාන්ත අන්තෝනි විදුහලත් සම්මාන ලැබීය. 

පළමු කොටසේ ‘බී’ කාණ්ඩයේ කුසලාන ශූරයන් ලෙස මොරටුව වේල්ස් කුමර විදුහලත්, පළඟ ශූරයන් ලෙස ගාල්ල රිච්මන්ඩ් විදුහලත්, බඳුන ශූරයන් ලෙස ගාල්ල ශාන්ත ඇලවීෂියස් විදුහලත් සම්මාන ලබද්දී, ‘සී’ කොටසේ කුසලාන ශූරයන් ලෙස මහරගම මධ්‍ය මහා විදුහලත්, පළඟ ශූරයන් ලෙස තල්දූව බෞද්ධ පාසලත්, බඳුන ශූරයන් ලෙස කුරුණෑගල ශාන්ත ආනා විදුහලත් සම්මාන හිමිකර ගත්තේය. 

- 036 


අදහස් (0)

ඩයලොග් පාසල් රග්බි සම්මාන උළෙලෙන්..

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.