Last Update  :  2026-02-12 00:31:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Rugby ගුවන් හමුදාව - පොලිසිය පළඟ අවසන් තරගයට
අන්තර් සමාජ රග්බි ලීගය

ගුවන් හමුදාව - පොලිසිය පළඟ අවසන් තරගයට

editorial - 2026 පෙබ මස 11 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

(ශානුක අරවින්ද) 

අන්තර් සමාජ රග්බි ලීගයේ සුපිරි වටයේ අවසන් සතියේ තරග ආරම්භ වීමටත් පෙරාතුවම පළඟ ශූරතාව සඳහා වන ලකුණු සටහනේ පළමු ස්ථාන දෙක අතරට පත්වෙමින් අවසන් මහ තරගයට සුදුසුකම් ලබාගැනීමට ගුවන් හමුදාව සහ පොලිසිය සමත්ව තිබේ. 

ගුවන් හමුදාව මේ වන විට ප්‍රසාද ලකුණු 7 ක් සමග ලකුණු 37 ක් ලබා පළඟ කුසලාන සඳහා වන ලකුණු සටහනේ පෙරමුණේ පසුවන අතර පොලිසිය එහි දෙවැනි ස්ථානයට පත්ව ඇත්තේ ප්‍රසාද ලකුණු 5 ක් සමග ලකුණු 25 කට හිමිකම් කියමිනි. 

නාවික හමුදාව සහ යුද හමුදාව පිළිවෙළින් ලකුණු 17 ක් සහ 14 ක් බැගින් ලබා පළඟ ලකුණු සටහනේ තෙවැනි සහ සිවුවැනි ස්ථානවල පසුවේ. එබැවින් අවසන් සතියේදී සහභාගි වන තරග ජයගත්තද ඔවුන්ට පළමු ස්ථාන දෙක අතරට පැමිණීමේ අවස්ථාවක් හිමි නොවනු ඇත. 

අවසන් සතියේදී ගුවන් හමුදාවට එරෙහිව පොලිසිය රත්මලාන ගුවන් හමුදා ක්‍රීඩාංගණයේදීද, නාවික හමුදාවට එරෙහිව යුද හමුදාව වැලිසර නාවික හමුදා ක්‍රීඩාංගණයේදීද පිළිවෙළින් එළබෙන සිකුරාදා (13 වැනිදා) සහ සෙනසුරාදා (14 වැනිදා) තරග බිමට පිවිසීමට නියමිතය. පළඟ ශූරතාව සඳහා වන අවසන් මහ තරගය 20 වැනි සිකුරාදා පැවැත්වීමට නියමිතය. 

මෙම තරගාවලියේදී තරගයක් ජය ගැනිම වෙනුවෙන් කණ්ඩායමකට ලකුණු 5 ක් හිමිවන අතර තරගයක් සම වුවහොත් කණ්ඩායම් දෙකටම ලකුණු 3 බැගින් හිමිවනු ඇත. කණ්ඩායමකට ප්‍රසාද ලකුණක් හිමිවන්නේ තරගයකදී උත්සාහක දිනුම් 4 කට වැඩියෙන් ලබාගතහොත් හෝ ලකුණු 7 කට අඩු පරතරයකින් තරගයක් පරාජයට පත්වුවහොත් පමණි.

 
පළඟ වටයේ තෙවැනි සතියේ තරග 
■ පෙබ. 13 - ගුවන් හමුදාව සහ පොලිසිය අතර රත්මලාන ගුවන් හමුදා ක්‍රීඩාංගණයේදී - පස්වරු 4.00 ට 

■ පෙබ. 14 - නාවික හමුදාව සහ යුද හමුදාව අතර වැලිසර නාවික හමුදා ක්‍රීඩාංගණයේදී - පස්වරු 4.00 ට 


අදහස් (0)

ගුවන් හමුදාව - පොලිසිය පළඟ අවසන් තරගයට

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.