Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd
(ශානුක අරවින්ද)
ශ්‍රී ලංකා පාසල් රග්බි සංගමය සංවිධානය කරන ජනාධිපති කුසලාන පිළිමළුන් පිටුදැකීමේ අන්තර් පාසල් රග්බි තරගාවලියේ මූලික වටය යටතේ ඉකුත් සති අන්තයේදී පැවැති තරග 8 න් 4 කදීම මහනුවර දිස්ත්‍රික්කයේ පාසල් පරාජය කිරීමට කොළඹ දිස්ත්‍රික්කයේ පාසල් සමත් වීම කැපී පෙනුණ සිදුවීමක් විය.
එහිදී ජයග්‍රහණ වාර්තා කිරීමට කොළඹ ඩී.එස්. සේනානායක, මරදාන සහිරා, කොළඹ ඉසිපතන සහ කොළඹ රාජකීය විදුහල් සමත් වූ අතර එම විදුහල් හමුවේ පිළිවෙලින් මහනුවර ධර්මරාජ, මහනුවර විද්‍යාර්ථ, මහනුවර ශ්‍රී සුමංගල සහ මහනුවර කිංග්ස්වුඩ් යන විදුහල් පරාජයට පත් විය.
මූලික වටය යටතේ පැවැති සෙසු තරගවලදී පිළිවෙලින් මරදාන ශාන්ත ජෝෂප්, ගල්කිස්ස විද්‍යා, කටුගස්තොට ශාන්ත අන්තෝනි සහ කොළඹ තර්ස්ටන් විදුහල්වලට එරෙහිව ජයග්‍රහණ වාර්තා කිරීමට කොළඹ වෙස්ලි, ගල්කිස්ස සාන්ත තෝමස්, මහනුවර ත්‍රිත්ව සහ බම්බලපිටිය ශාන්ත පීතර විදුහල් සමත් විය.
එම තරග අතරින් ඉකුත් වසරේ (2024) ජනාධිපති කුසලාන ශූරයන් වූ ඉසිපතන විදුහල, මහනුවර ශ්‍රී සුමංගල විදුහලට එරෙහිව ලැබූ ලකුණු 61-00 ක ජයත්, ඉකුත් වසරේ ජනාධිපති කුසලාන අනු ශූරයන් වූ ශාන්ත පීතර විදුහල, තර්ස්ටන් විදුහලට එරෙහිව ලැබූ ලකුණු 51-08 ක ජයත්, මහනුවර ත්‍රිත්ව විදුහල, කටුගස්තොට ශාන්ත අන්තෝනි විදුහලට එරෙහිව ලැබූ ලකුණු 62-05 ජයත් කැපී පෙනුණි.
මූලික වටයේ තරග ප්‍රතිඵල
(ඡායාරූපය - කුෂාන් පතිරාජ)
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.