Last Update  :  2024-03-28 23:35:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Rugby කාන්තා රග්බි පිලට යුද හමුදාවෙන් 5 ක්

කාන්තා රග්බි පිලට යුද හමුදාවෙන් 5 ක්

editorial - 2022 අප්‍රේ මස 26 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

(ශානුක අරවින්ද) 

පොදුරාජ්‍ය මණ්ඩලීය ක්‍රීඩා උළෙල සහ ආසියානු ක්‍රීඩා උළෙල සඳහා තෝරාගෙන ඇති ශ්‍රී ලංකා කාන්තා සත් සාමාජික රග්බි සංචිතයට යුද හමුදා ක්‍රීඩිකාවෝ 5 දෙනෙක් ඇතුළත්ව සිටිති. සී.ආර් ඇන්ඩ් එෆ්.සී. ක්‍රීඩා සමාජ ක්‍රීඩිකා අනූෂා අත්තනායක කණ්ඩායමේ නායකත්වයට පත්කර ඇත.   

ඉකුත් ඉරිදා (24 වැනිදා) කොළඹ සී.ආර්. ඇන්ඩ් එෆ්.සී. ක්‍රීඩා සමාජ ක්‍රීඩාංගණයේදී පැවැති තේරීම් තරගාවලියේදී ශ්‍රී ලංකා රග්බි තේරීම් කමිටුව විසින් ක්‍රීඩිකාවන් 12 දෙනකුගෙන් සමන්විත මෙම සංචිතය තෝරාගනු ලැබ ඇති අතර මේ වන විට එය ක්‍රීඩා අමාත්‍යවරයාගේ අනුමැතිය සඳහා යවා තිබේ. 

මෙවර පොදු රාජ්‍ය මණ්ඩලීය ක්‍රීඩා උළෙල ජූලි මස 28 වැනිදා සිට අගෝස්තු මස 8 වැනිදා දක්වා එංගලන්තයේ බර්මින්හැම් නුවරදී පැවැත්වේ. ආසියානු ක්‍රීඩා උළෙල පැවැත්වීමට නියමිතව ඇත්තේ සැප්තැම්බර් මස 10 වැනිදා සිට 25 වැනිදා දක්වා චීනයේ හං‍ජෝ  නුවරදීය. 

දිලිනි කාංචනා, චරනි ලියනගේ, දුලානි පල්ලිකොන්දගේ, අයේෂා පෙරේරා සහ උමයංගනා තත්සරණි ජාතික කණ්ඩායමට ඇතුළත්ව සිටින යුද හමුදා ක්‍රීඩිකාවෝ වෙති. ඔවුන්ට අමතරව නාවික හමුදා ක්‍රීඩිකාවන් සිවු දෙනෙක්, සී.ආර් ඇන්ඩ් එෆ්.සී. ක්‍රීඩා සමාජ ක්‍රීඩිකාවන් දෙදෙනක් සහ එක් ගුවන් හමුදා ක්‍රීඩිකාවක්ද කණ්ඩායමට ඇතුළත්ව සිටිති. 

ප්‍රධාන සංචිතයට අමතරව තේරීම් තරගාවලියේදී අතිරේක ක්‍රීඩිකාවන් 8 දෙනෙක්ද තෝරාගෙන ඇති අතර ඊට ගුවන් හමුදා ක්‍රීඩිකාවන් තිදෙනෙක්, නාවික හමුදා සහ යුද හමුදා ක්‍රීඩිකාවන් දෙදෙනා බැගින්ද, සී.ආර් ඇන්ඩ් එෆ්.සී. ක්‍රීඩා සමාජ ක්‍රීඩිකාවක්ද ඇතුළත්ව සිටිති. 

කාන්තා සත් සාමාජික රග්බි සංචිතය 
දිලිනි කාංචනා, චරනි ලියනගේ, දුලානි පල්ලිකොන්දගේ, අයේෂා පෙරේරා, උමයංගනා තත්සරණි (යුද හමුදාව), ජයන්ති කුමාරි, සංදිකා හේමකුමාරි, ශානිකා මධුමාලි, නිපුනි රසාංජලී (නාවික හමුදාව), කාංචනා කුමාරි, අනූෂා අත්තනායක (සී.ආර් ඇන්ඩ් එෆ්.සී. ක්‍රීඩා සමාජය) සහ ජීවන්ති කුමාරි (ගුවන් හමුදාව)

අතිරේක ක්‍රීඩිකාවෝ 
අනූෂිකා සමරවික්‍රම, නෙරංජලා වික්‍රමසිංහ, හකේෂිණී ක්‍රිෂ්ණකුමාර් (ගුවන් හමුදාව), පොල්හේවගේ දිලානි, රංදිකා කුමුදුමාලි (නාවික හමුදාව), චමෝද්‍යා මධුමාලි, ශානිකා දිලිනි (යුද හමුදාව) සහ හසිනි අනුත්තරා (සී.ආර් ඇන්ඩ් එෆ්.සී. ක්‍රීඩා සමාජය) 

 


අදහස් (0)

කාන්තා රග්බි පිලට යුද හමුදාවෙන් 5 ක්

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.