Last Update  :  2024-05-03 20:36:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Rugby එංගලන්තය අවසන් මොහොතේදී ජයගනී
ලෝක කුසලාන රග්බි - 2023

එංගලන්තය අවසන් මොහොතේදී ජයගනී

editorial - 2023 ඔක් මස 16 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

අවසන් මොහොතේදී ඩ්‍රොප් ගෝලයක් සහ දඬුවම් පහරක් සාර්ථක කරගත් ඕවන් ෆැරල්, රග්බි ලෝක කුසලාන තරගාවලියේ අවසන් පූර්ව වටය දක්වා එංගලන්ත කණ්ඩායම කැඳවාගෙන ගියේය. ඉරිදා (15 වැනිදා) රාත්‍රියේ ප්‍රංශයේ මාර්සේල් නුවරදී පැවැති අර්ධ අවසන් පූර්ව වටයේ තරගයේදී එංගලන්ත ක්‍රීඩකයෝ ෆීජි පිලට එරෙහිව ලකුණු 30-24 ක තියුණු ජයග්‍රහණයක් ලබා ගත්හ. 

තරගයේ පළමු අර්ධය නිමා වන විට එංගලන්තය ලකුණු 21-10 ක් ලෙසින් ඉදිරියෙන් සිටියේය. එහෙත් ෆිජි ක්‍රීඩකයෝ දෙවැනි අර්ධයේදී කදිම සටන්කාමීත්වයක් පෙන්නුම් කළහ. 

පෙනී රවායි සහ විලිමෝනි බොටිටු දෙදෙනා ලබාගත් උත්සාහක දිනුම් නිසා තරගයේ නිමාවට විනාඩි 10 ක් තිබියදී ලකුණු තත්ත්වය 24-24 ක් ලෙසින් සම විය. 

එහෙත් 72 වැනි විනාඩියේදී නායක ඔවෙන් ෆැරල් ලබාගත් ඩ්‍රොප් ගෝලය නිසා ලකුණු 27-24 ක් ලෙසින් ඉදිරියට ගිය එංගලන්තයට තරගයේ නිමාවට විනාඩි දෙකක් මෙපිටින් හිමිවු දඬුවම් පහරත් සාර්ථක කරගත්තේ ලකුණු 30-24 කින් තරගය අවසන් කරමිනි. 

එය ෆීජී කණ්ඩායමට ඉතිහාස නිර්මාණය කරගැනීමේ අවස්ථාවක් මෙන්ම පළමු වරට අවසන් පූර්වට වටයට සුදුසුකම් ලබාගැනීමේ අවස්ථාවත් අහිමි කිරීමක් විය. ෆිජි ක්‍රීඩකයෝ තුන්වැනි වරටත් ලෝක කුසලාන තරගාවලියක අර්ධ අවසන් පූර්ව වටයේදී  ඇද වැටිණ. 

- 213


අදහස් (0)

එංගලන්තය අවසන් මොහොතේදී ජයගනී

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.