
(ශානුක අරවින්ද)
ශ්‍රී ලංකා පාසල් රග්බි සංගමය සංවිධානය කරන ‘ජනාධිපති කුසලාන’ අන්තර් පාසල් පිළිමළුන් පිටුදැකීමේ රග්බි තරගාවලියේ අර්ධ අවසන් පූර්ව වටය යටතේ ඊයේ (22 වැනිදා) පැවැති තරගයකදී ලකුණු 22-10 ක් ලෙස මරදාන ශාන්ත ජෝෂප් විදුහල පරාජය කරමින් අවසන් පූර්ව වටයට සුදුසුකම් ලැබීමට කොළඹ ඉසිපතන විදුහල සමත් විය.
කොළඹ රාජකීය විදුහල් ක්‍රීඩා සංකීර්ණයේ පැවැති මෙම තරගයේ පළමු අර්ධය නිමාවට පත් වන විට ඉසිපතන විදුහල ලකුණු 07-03 ක් ලෙස පෙරමුණ ගත්තේය. එහිදී කරට කර සටනකින් අනතුරුව ඉසිපතන විදුහල ගෝල දිනුමක් මගින් ලකුණු රැස්කළ අතර ශාන්ත ජෝෂප් විදුහල ලකුණු ලබාගත්තේ දඬුවම් පහරක් මගිනි.
දෙවැනි අර්ධ අර්ධයේදී උත්සාහක දිනුම් 3 ක් මගින් සිය ලකුණු මල්ලට තවත් ලකුණු 15 ක් එක්කර ගැනීමට ඉසිපතන විදුහල සමත් වෙද්දී, ශාන්ත ජෝෂප් විදුහලට ගෝල දිනුමක් මගින් ලබාගත හැකි වූයේ ලකුණු 7 ක් පමණි. ඒ අනුව නියමිත කාලය අවසන්වන විට ලකුණු 12 ක පහසු ජයක් වාර්තා කිරීමට ඉසිපතන ක්‍රීඩකයෝ සමත් වූහ.
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.