Last Update  :  2025-05-03 18:30:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Rugby ඉසිපතන විදුහල අපරාජිතව ඉදිරියට
ඩයලොග් පාසල් රග්බි

ඉසිපතන විදුහල අපරාජිතව ඉදිරියට

editorial - 2022 ජුලි මස 29 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

(ශානුක අරවින්ද)

ශ්‍රී ලංකා පාසල් රග්බි සංගමය සංවිධානය කරන ඩයලොග් පාසල් රග්බි ලීගයේ පළමු කොටසේ ‘ඒ‘ කාණ්ඩය යටතේ අද (29 වැනිදා) පැවති තරගයකදී මහනුවර විද්‍යාර්ථ විදුහලට එරෙහිව ලකුණු 25-23 තියුණු ජයක් වාර්තා කිරීමට කොළඹ ඉසිපතන විදුහල සමත් විය. ඒ අනුව මූලික වටයේදී සහභාගි වූ තරග 5 ම ජයගත් ඉසිපතන ක්‍රීඩකයෝ අපරාජිතව දෙවැනි වටයට සුදුසුකම් ලබා ගත්තේය.

මහනුවර, නිත්තවෙල ක්‍රීඩාංගණයේදී පැවති මෙම තරගයේ පළමු අර්ධය අවසන් වන විට ලකුණු 16-13 ක් ලෙස පෙරමුණ ගැනීමට විද්‍යාර්ථ විදුහල සමත් විය. එහිදී විද්‍යාර්ථ ක්‍රීඩකයන් ගෝල දිනුමක් සහ දඬුවම් පහර 3 ක් සමගින් ලකුණු රැස්කළ අතර ඉසිපතන ක්‍රීඩකයන් ලකුණු රැස්කළේ ගෝල දිනුමක් සහ දඬුවම් පහර 2 ක් සමගිනි.

දෙවැනි අර්ධය තුළ ගෝල දිනුමක් සහ උත්සාහක දිනුමක් ලබාගැනීමට ඉසිපතන විදුහල සමත් වෙද්දී, විද්‍යාර්ථ විදුහලට ලබාගත හැකි වූයේ එක් ගෝල දිනුමක් පමණි. ඒ අනුව නියමිත කාලය අවසන් වන විට ලකුණු 25-23 ක් ලෙස තරගයේ ජය ඉසිපතන විදුහල සතු විය. ඉසිපතන විදුහලේ එන්.එස්. වෑවලපණ්ඩිත් තරගයේ වීරයා ලෙස සම්මාන ලැබීය.

(ඡායාරූප - ඩයලොග් අනුග්‍රහයෙනි)


අදහස් (0)

ඉසිපතන විදුහල අපරාජිතව ඉදිරියට

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.