Last Update  :  2025-05-01 16:28:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Rugby ආසියානු රග්බි ශූරතාවලිය ජුනි - ජූලි මාසවලදී

ආසියානු රග්බි ශූරතාවලිය ජුනි - ජූලි මාසවලදී

editorial - 2025 අප්‍රේ මස 21 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

(ශානුක අරවින්ද) 

මැලේසියාවට එරෙහිව පහසු ජයක් වාර්තා කරමින් 2025 ආසියානු රග්බි ශූරතාවලියේ ප්‍රිමියම් කාණ්ඩයට ඇතුළත් වූ ශ්‍රී ලංකාව, එහි ශූරතාව වෙනුවෙන් එළබෙන ජූනි මාසයේදී දකුණු කොරියාවට සහ හොං කොං රාජ්‍යයට එරෙහිවද, ජූලි මාසයේදී එක්සත් ආරාබි එමීර් රාජ්‍යයට එරෙහිවද තරග වැදීමට නියමිතය. 

ශ්‍රී ලංකා කණ්ඩායමට 2027 වසරේ ඕස්ට්‍රේලියාවේදී පැවැත්වෙන ලෝක කුසලාන රග්බි තරගාවලියට සුදුසුකම් ලබාගැනීම සඳහා හමුවන ප්‍රධානම කඩයිමක් ලෙස මෙම තරගාවලිය හැඳින්විය හැකිය. මෙහි ශූරයන් බවට පත්වුවහොත් ශ්‍රී ලංකාවට ඍජුවම ලෝක කුසලාන රග්බි තරගාවලියට සුදුසුකම් ලබාගැනීමට හැකි වීම ඊට හේතුව ලෙස සඳහන් කළ හැකිය. 

මෙම තරගාවලියේ අනු ශූරයන් බවට පත්වුවහොත් ශ්‍රී ලංකාවට ලෝක කුසලාන තරගාවලියට සුදුසුකම් ලබාගැනීම සඳහා තවත් කඩයිම් දෙකක් තරණය කිරීමට සිදුවනු ඇත. එහෙත් මෙහි තෙවැනි හෝ සිවුවැනි ස්ථානවලට පත්වුවහොත් ශ්‍රී ලංකාවට එළබෙන ලෝක කුසලාන රග්බි තරගාවලියට සුදුසුකම් ලබාගැනීමේ අවස්ථාව අහිමිවනු ඇත. 

ආසියානු රග්බි ශූරතාවලිය ආරම්භ කරමින් ජූනි මස 13 වැනි සිකුරාදා දකුණු කොරියාවට එරෙහිව කොළඹ තුරඟ තරග පිටියේදී තරග බිමට අවතීරණ වන ශ්‍රී ලංකාව, ඉන් සතියකට පමණ පසුව එනම් ජූනි 22 වැනි ඉරිදා හොං කො කණ්ඩායමට එරෙහිව හොං කොංහිදී තරග වැදීමට නියමිතය. 

මෙම තරගාවලියේදී ශ්‍රී ලංකාව සහභාගි වන තෙවැනි තරගය ජූලි මස 4 වැනිදා එක්සත් අරාබි එමීර් රාජ්‍යයට එරෙහිව කොළඹ තුරඟ තරග පිටියේදී පැවැත්වේ. මෙම තරග 3 න් ශ්‍රී ලංකාවේදී පැවැත්වෙන තරග දෙක පස්වරු 4.00 ටත්, හොං කොංහිදී පැවැත්වෙන තරගය ශ්‍රී ලංකා වේලාවෙන් පස්වරු 1.30 ටත් ආරම්භ වීමට නියමිතය. 

මෙම තරගාවලියේදී වට 3 ක් යටතේ තරග 6 ක් පැවැත්වෙන අතර එහිදී ශ්‍රී ලංකාවට සහ කොරියාවට සිය මවු රට තුළදී තරග 2 බැගින් සහ විදෙස් රටකදී එක් තරගය බැගින්ද, එක්සත් අරාබි එමීර් සහ හොං කොං රාජ්‍යයන්ට සිය මවු රට තුළදී එක් තරගය බැගින් සහ විදෙස් රටවලදී තරග 2 බැගින්ද ක්‍රීඩා කිරීමට සිදුවනු ඇත. 


අදහස් (0)

ආසියානු රග්බි ශූරතාවලිය ජුනි - ජූලි මාසවලදී

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.