Last Update  :  2024-05-03 20:36:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Rugby ආර්ජන්ටිනාව අවසන් පූර්ව වටයට
රග්බි ලෝක කුසලාන - 2023

ආර්ජන්ටිනාව අවසන් පූර්ව වටයට

editorial - 2023 ඔක් මස 15 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

තරගයේ අවසානය අත පොවන මානයේ තිබියදී නිකොලස් සැන්චෙස් ලබාගත් උත්සාහක දිනුමත් දඬුවම් පහරත් නිසා වේල්ස් කණ්ඩායම ලකුණු 29-17 කින් පරාජය කළ ආර්ජන්ටිනියානුවෝ ලෝක කුසලාන රග්බි තරගාවලියේ අවසන් පූර්ව වටයේ ස්ථානයක් වෙන්කර ගත්හ. 

ඩැනියෙල් බිගාර්ගේ උත්සාහක දිනුමත්, ඔහුගේ පාදයෙන් පැමිණි අනෙක් ලකුණු 5 ත් හේතුවෙන් තරගයේ පළමු අර්ධයේදී වේල්ස් කණ්ඩායම ලකුණු 10-6 ක් ලෙසින් ඉදිරියෙන් සිටියේය. එහෙත් 48 වැනි විනාඩියේදී තමන්ගේ සිව්වැනි දඬුවම් පහරත් සාර්ථක කරගත් එමිලියානෝ බොෆෙලි ‘පූමාස්ලා’ හෙවත් ආර්ජන්ටිනා කණ්ඩායම තරගයේ පෙරමුණට කැඳවාගෙන ගියේය. 

ලකුණු 12-10 ක් ලෙසින් ආර්ජන්ටිනාව ඉදිරියට පැමිණියේය. 

වේල්සයේ තෝමස් විලියම්ස්ගේ උත්සාහක දිනුම ගෝලයක් බවට ප්‍රවර්තනය වීම නිසා විනාඩි 7 ක් ඇතුළත වේල්සය නැවත වරක් පෙරමුණ අත්පත් කරගත්තේය. 68 වැනි විනාඩියේදී ජොයෙල් ස්ලාවි ලබාගත් උත්සාහක දිනුම ගෝලයක් බවට ප්‍රවර්ථනය කළ එමිලියානෝ ලකුණු 19-17 ක් ලෙසින් නැවත වරක් ආර්ජන්ටිනාව පෙරමුණට ගත්තේය. 

විනාඩි 10 ක පමණ කාලයක් ගෙවී යද්දී 19-17 ක් ලෙසින් ආර්ජන්ටිනාව ඉදිරියෙන් සිටියේය. 
තරගය අවසන් වීමට විනාඩි 3 ක් පමණ තිබියදී නිකොලස් සැන්චෙස් තරගයේ තාලය සම්පූර්ණයෙන්ම වෙනස් කරමින් උත්සාහක දිනුමක් සමග දඬුවම් පහරකුත් සාර්ථක කරගත් බැවින් ලකුණු 29-17 ක ජයක් ආර්ජන්ටිනාවට ලැබිණ. 

වේල්ස් නායක ජක් මෝගන් කීවේ තම කණ්ඩායමෙන් සිදුවූ අත්වැරදීම් කිහිපයකින් ආර්ජන්ටිනියානුවන් ප්‍රයෝජන ගත් බවකි. 

“කොහොම වුණත් ඒගොල්ලා හොඳට සෙල්ලම් කළා. ඒක අගය කරන්න ඕනා” යයි මෝගන් කීවේය. 


අදහස් (0)

ආර්ජන්ටිනාව අවසන් පූර්ව වටයට

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.