Last Update  :  2024-04-18 21:39:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Rugby අන්තර් සමාජ රග්බි ලීගය කල් දමයි
අන්තර් සමාජ ප්‍රිමියර් ලීග් රග්බි තරගාවලිය

අන්තර් සමාජ රග්බි ලීගය කල් දමයි

editorial - 2022 අප්‍රේ මස 08 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

(ශානුක අරවින්ද) 
 
මේ දිනවල රට තුළ පවතින වාතාවරණය හේතුවෙන් නිපෝන් පේන්ට් අන්තර් සමාජ ප්‍රිමියර් ලීග් රග්බි තරගාවලියේ සෙසු තරග දින නියමයකින් තොරව කල් දැමීමට රග්බි ක්‍රීඩාව සම්බන්ධයෙන් නිසි බලධාරියා ලෙස කටයුතු කරන ක්‍රීඩා අධ්‍යක්ෂ ජනරාල් අමල් එදිරිසූරිය මහතා පියවර ගෙන තිබේ. 
 
තරගාවලියේ මූලික වටය ක්‍රීඩා සමාජ 8 ක සහභාගීත්වයෙන් ලීග් ක්‍රමයට අනුව පැවැත්විණි. එහිදී දැක්වූ දක්ෂතා අනුව ප්‍රසාද පළමු කණ්ඩායම් 4 කුසලාන වටයටද, දෙවැනි කණ්ඩායම් 4 පළඟ වටයටද ඇතුළත් කෙරිණ. 
 
ඒ අනුව මහනුවර ක්‍රීඩා සමාජය, හැව්ලොක් ක්‍රීඩා සමාජය, සී.එච්. ඇන්ඞ් එෆ්.සී. ක්‍රීඩා සමාජය සහ පොලිසිය කුසලාන වටය යටතේද, නාවික හමුදාව, ගුවන් හමුදාව, සී.ආර්. ඇන්ඞ් එෆ්.සී. ක්‍රීඩා සමාජය සහ යුද හමුදාව පළඟ වටය යටතේද ක්‍රීඩා කිරීමට සුදුසුකම් ලැබූහ. 
 
ඉකුත් සෙනසුරාදා (2 වැනිදා) රග්බි සංගමය අත්හිටුවීමට ක්‍රීඩා අමාත්‍යවරයා පියවර ගැනීමට පෙර කුසලාන වටයේ තරග 2 ක්ද, පළඟ වටයේ තරග 3 ක්ද නිමාවට පත්වී තිබිණ. ඒ අනුව ඉදිරියේදී කුසලාන වටයේ තවත් තරග 4 ක්ද, පළඟ වටයේ තවත් තරග 3 ක්ද පැවැත්වීමට නියමිතය. 
 
මේ වන විට මහනුවර ක්‍රීඩා සමාජය සහ හැව්ලොක් ක්‍රීඩා සමාජය එක් ජයග්‍රහණය බැගින් ලබා කුසලාන වටයේ ඉදිරියෙන් සිටින අතර නාවික හමුදාව සහ ගුවන් හමුදාව එක් ජයග්‍රහණය බැගින් ලබා පළඟ වටයේ ඉදිරියෙන් සිටිති. 

මෙම මස 23 සහ 24 යන දිනවලදී කොළඹ තුරඟ තරග පිටියේදී පැවැත්වීමට නියමිත අන්තර් සමාජ සත් සාමාජික රග්බි තරගාවලිය තුළින් පොඳු රාජ්‍ය මණ්ඩලීය ක්‍රීඩා උළෙලට සහභාගි කරවන ශ්‍රී ලංකා කණ්ඩායම තෝරාගැනීමට බලාපොරොත්තු වන බවද අධ්‍යක්ෂ ජනරාල්වරයා වැඩි දුරටත් පැවසීය. 

පොදුරාජ්‍ය මණ්ඩලීය තරගාවලියට සහභාගි වන ශ්‍රී ලංකා කණ්ඩායම මේ මස 30 වැනිදාට පෙර නම්කළ යුතුව තිබේ. 
 
ඉදිරියේදී පැවැත්වීමට නියමිත තරග
කුසලාන වටය 
මහනුවර ක්‍රීඩා සමාජය සහ සී.එච්. ඇන්ඞ් එෆ්.සී. ක්‍රීඩා සමාජය අතර 
හැව්ලොක් ක්‍රීඩා සමාජය සහ පොලිසිය අතර 
පොලිසිය සහ සී.එච්. ඇන්ඞ් එෆ්.සී. ක්‍රීඩා සමාජය අතර 
මහනුවර ක්‍රීඩා සමාජය සහ හැව්ලොක් ක්‍රීඩා සමාජය අතර 
 
පළඟ වටය 
සී.ආර්. ඇන්ඞ් එෆ්.සී. ක්‍රීඩා සමාජය සහ නාවික හමුදාව අතර 
යුද හමුදාව සහ සී.ආර්. ඇන්ඞ් එෆ්.සී. ක්‍රීඩා සමාජය අතර 
නාවික හමුදාව සහ ගුවන් හමුදාව අතර 

අදහස් (0)

අන්තර් සමාජ රග්බි ලීගය කල් දමයි

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.