Last Update  :  2024-05-03 20:36:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Rugby අගමැති - සභාපති කුසලාන රග්බි අවසන් තරග ඉරිදා
පාසල් පිළිමළුන් පිටුදැකීමේ රග්බි

අගමැති - සභාපති කුසලාන රග්බි අවසන් තරග ඉරිදා

editorial - 2023 සැප් මස 15 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

(ශානුක අරවින්ද)

ශ්‍රී ලංකා පාසල් රග්බි සංගමය සංවිධානය කරන අන්තර් පාසල් පිළිමළුන් පිටුදැකීමේ රග්බි තරගාවලියේ ‘අගමැති කුසලාන’ සහ ‘සභාපති කුසලාන’ අවසන් මහ තරග එළබෙන ඉරිදා (17 වැනිදා) කොළඹ හැව්ලොක් ක්‍රීඩාංගණයේදී පැවැත්වේ.

පස්වරු 2.00 ට ආරම්භ වන සභාපති කුසලාන අවසන් මහ තරගයේදී ගල්කිස්ස ලලිත් ඇතුළත්මුදලි විදුහලට එරෙහිව නුගේගොඩ ශාන්ත ජෝන් විදුහල තරග බිමට අවතීර්ණ වීමට නියමිතය. අගමැති කුසලාන අවසන් මහ තරගයේදී කොළඹ තර්ස්ටන් විදුහලට එරෙහිව මහනුවර ශ්‍රී සුමංගල විදුහල තරග වදින අතර එම තරගය පස්වරු 4.00 ට ආරම්භ වීමට නියමිතය.

අගමැති කුසලාන වෙනුවෙන් පැවැති පළමු අවසන් පූර්ව තරගයේදී පිළියන්දල මැදි විදුහලට එරෙහිව ලකුණු 30-18 ක ජයක් වාර්තා කරමින් තර්ස්ටන් විදුහල අවසන් මහ තරගයට සුදුසුකම් ලබාගත්තේය. සුමංගල විදුහල අවසන් මහ තරගයට සුදුසුකම් ලබාගත්තේ දෙවැනි අවසන් පූර්ව තරගයේදී කුරුණෑගල මලියදේව විදුහලට එරෙහිව ලකුණු 26-13 ක ජයක් වාර්තා කරමිනි.

සභාපති කුසලාන වෙනුවෙන් පැවැති පළමු අවසන් පූර්ව තරගයේදී පානදුර ශ්‍රී සුමංගල විදුහලට එරෙහිව ලකුණු 13-12 ක ජයක් වාර්තා කරමින් ලලිත් ඇතුළත්මුදලි විදුහල අවසන් මහ තරගයට සුදුසුකම් ලබාගත්තේය. ශාන්ත ජෝන් විදුහල අවසන් මහ තරගයට සුදුසුකම් ලබාගත්තේ දෙවැනි අවසන් පූර්ව තරගයේදී කටුගස්තොට රාහුල විදුහලට එරෙහිව ලකුණු 53-03 ක ජයක් වාර්තා කරමිනි.


අදහස් (0)

අගමැති - සභාපති කුසලාන රග්බි අවසන් තරග ඉරිදා

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.