අන්තර් සමාජ පළමු කොටසේ ‘ඩයලොග්’ කුසලාන ලීග් රග්බි තරගාවලියේ දෙවැනි වටයේ තරගයකදී හැව්ලොක්ස් ක‍්‍රීඩකයෝ ලකුණු 21-19 ක තියුණු ජයක් ලැබීමට සමත් වූහ. මෙම තරගය කොළඹ හැව්ලොක් පිටියේදී ඊයේ (25) පස්වරුවේ විදුලි ආලෝකය මධ්‍යයේ පැවැත්විණ.
ජයග‍්‍රාහි හැව්ලොක් පිල ගෝලයකින්, උත්සාහක දිනුමකින් සහ දඩුවම් පහර 3 කින් ලකුණු රැස් කළේය. සී. ආර්. පිලට උත්සාහක දිනුම් 2 කින් සහ දඩුවම් පහර 3 කින් ලකුණු එකතු විය.
පළමු අර්ධය අවසන් වන විට හැව්ලොක් පිල ලකුණු 6-3 ක් ලෙස පෙරමුණේ සිටිය ද සී. ආර්. පිල දෙවැනි අර්ධයේදී පෙරමුණට පැමිණියේය.
සී. ආර්. පිල ලකුණු 19-18 ක් ලෙස පෙරමුණේ සිටියද, තරගය අවසන් වීමට ආසන්නව තිබියදී දුලාජ් පෙරේරා දඩුවම් පහරක් සාර්ථක කිරීම නිසා හැව්ලොක් පිලට ජය හිමිවිය.
048
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.