ශ්‍රී ලංකා රග්බි සංගමය මෙහෙයවන අන්තර් සමාජ පළමු කොටසේ ‘ඩයලොග්’ කුසලාන ලීග් රග්බි තරගාවලියේ හයවැනි සතියේ තරග ආරම්භ කරමින් කොළඹ පැරණි තුරඟ තරග පිටියේදී අද (05) පස්වරුවේ පැවැති තරගයෙන් හැව්ලොක්ස් පිල ලකුණු 26-17 කින් යුද හමුදා පිල පරාජය කළේය.
ප‍්‍රසාද ලකුණු සටහනේ තෙවැනි ස්ථානයේ පසු වන හැව්ලොක්ස් පිල ලැබූ සිව්වැනි ජයග‍්‍රහණය මෙය වේ.
ජයග‍්‍රාහි හැව්ලොක්ස් පිල ගෝල 3 කින් සහ උත්සාහක දිනුමකින් ලකුණු ලැබූ අතර යුද හමුදාවට උත්සාහක දිනුමකින් සහ දඩුවම් පහර 4 කින් ලකුණු එකතු විය.
හැව්ලොක්ස් ක‍්‍රීඩකයෝ තරගයේ ආරම්භයේ සිටම පෙරමුණ ගනිමින් ලකුණු 19-8 ක් ලෙස පළමු අර්ධය අවසන් කළහ.
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.