හම්බන්තොට ශාක්ස් පිල සහ ගුවන් හමුදා පිල අතර රත්මලාන ගුවන් හමුදා රග්බි පිටියේදී අද (13) පස්වරුවේ පැවැති අන්තර් සමාජ පළමු කොටසේ ‘ඩයලොග්’ කුසලාන ලීග් රග්බි තරගාවලියේ හයවැනි සතියේ තරගයෙන් ශාක්ස් පිල ලකුණු 20-17 ක තියුණු ජයක් ලැබීය.
තරගයේ පළමු අර්ධය අවසන් වන විට ශාක්ස් පිල ලකුණු 20-12 ක් ලෙස පෙරමුණ ගැනීමට සමත් විය.
ශාක්ස් පිල ගෝලයකින්, උත්සාහක දිනුම් 2 කින් සහ දඩුවම් පහරකින් ලකුණු ලැබූ අතර ගුවන් හමුදා පිල ගෝලයකින්, උත්සාහක දිනුම් 2 කින් ලකුණු එකතු කර ගත්තේය.
- 048
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.