Last Update  :  2024-03-29 14:56:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Rugby සී.එච්. පිලට සියුම් වාසියක්
පූර්විකාව

සී.එච්. පිලට සියුම් වාසියක්

editorial - 2021 අගෝ මස 19 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

(ශානුක අරවින්ද)

කොරෝනා වසංගතයේ බලපෑම හේතුවෙන් වසරකට පමණ පසුව ශ්‍රී ලංකාව තුළදී පැවැත්වෙන පළමු රග්බි තරගාවලිය වන ගුවන් හමුදාපති කුසලාන තරගාවලියේ දෙවැනි අදියර හෙට (20 වැනිදා) පස්වරු 4.45 ට රත්මලාන ගුවන් හමුදා ක්‍රීඩාංගණයේදී පැවැත්වේ.

ශ්‍රී ලංකා ගුවන් හමුදා රග්බි ක්‍රීඩා සමාජයත්, සී.එච්. සහ එෆ්.සී. ක්‍රීඩා සමාජයත් අතර පැවැත්වෙන මෙම සුහද රග්බි තරගාවලියේ පළමු අදියර ඉකුත් සිකුරාදා (13 වැනිදා) පැවැත්විණ. එහිදී  තේනුක නානායක්කාර විසින් අවසන් විනාඩියේදී සාර්ථක කරගන්නා ලද දඬුවම් පහර හේතුවෙන් එම තරගයේදී ලකුණු 23-21 ක තියුණු ජයක් වාර්තා කිරීමට සී.එච්. සහ එෆ්.සී. ක්‍රීඩා සමාජය සමත් විය.

ඒ අනුව දෙවැනි අදියර ආරම්භ වන විට සී.එච්. සහ එෆ්.සී. ක්‍රීඩා සමාජය, ගුවන් හමුදා රග්බි ක්‍රීඩා සමාජයට වඩා ලකුණු 2 ක් ඉදිරියෙන් සිටින අතර තරගාවලියේ ශූරතාව දිනාගැනීමට නම් ගුවන් හමුදා රග්බි ක්‍රීඩා සමාජය ලකුණු 3 කට වැඩි පරතරයකින් හෙට පැවැත්වෙන අදියර ජයගත යුතුය.

අදියර දෙකේදීම කණ්ඩායම් ලබාගන්නා ලකුණුවල ‍එකතුව අනුව තරගාවලියේ ජයග්‍රාහකයා තීරණය කෙරෙන බැවින් හෙට පැවැත්වෙන තරගය සම වීමෙන් හෝ ලකුණු 3 කට අඩු පරතරයකින් ගුවන් හමුදා කණ්ඩායම ජයගත්තද, අදියර දෙකේ ලකුණු එකතුව මත සී.එච්. සහ එෆ්.සී. ක්‍රීඩා සමාජයට තරගාවලියේ ශූරතාව හිමිවනු ඇත.

හෙට තරගයේදී ප්‍රසාද් මධුෂංක විසින් සී.එච් කණ්ඩායමත්, නුවන් පෙරේරා විසින් ගුවන් හමුදා කණ්ඩායමත් මෙහෙයවනු ලබති. රජීව් පෙරේරා සහ ශම්ලි නවාස් යන මහත්වරු පිළිවෙලින් එම කණ්ඩායම් දෙකේ පුහුණුකරුවෝ ලෙස කටයුතු කරති. 

සී.එච්. සහ එෆ්.සී. කණ්ඩායම

ප්‍රසාද් මධුෂංක (නායක), ජොයෙල් පෙරේරා, සෙනුර පෙරේරා, යොහාන් ප්‍රනාන්දු, වජිඩ් ෆව්මි, ඔමල්ක ගුණරත්න, ශෙහාන් ඩයස්, සුදම් සූරියාරච්චි, අවිෂ්ක ලී, කුෂාන් ඉඳුනිල්, රීසා රෆයිඩීන්, හිරන්ත පෙරේරා, රොහිත රාජපක්ෂ, ජනිඳු දිල්ෂාන්, තේනුක නානායක්කාර, රෂේන් ගුණවර්ධන, අවන්ත ලී, හිරුෂ සම්පත්, චින්තක ළහිරු, ශෙමාල් වීරසේකර, කෙවින් ඩික්සන්, උදාර ලක්ෂාන්, ශෙනුක හේරත් සහ මාලිංග ශෙෂාන්

ගුවන් හමුදා කණ්ඩායම

නුවන් පෙරේරා (නායක), දිල්ෂාන් ෆරීඩ්, පරාක්‍රම රත්නායක, මනුක පෙරේරා, අංජුල හෙට්ටිආරච්චි, ශෂික ප්‍රනාන්දු, ඉමේෂ් අපොන්සු, ගිම්හාන සිල්වා, සාරක වැරැල්ල, චරිත් සෙනෙවිරත්න, රම්ඩාස් රුමේෂ්, සුරාජ් තිලකරත්න, ඉෂාර මධුෂාන්, සුදත් බණ්ඩාර, ෆාරිස් අලී, ශාමික කෞෂාන්, කනිෂ්ක වික්‍රමසිංහ, යොහාන් පෙරේරා, රුමේෂ් වසන්ත, ජේසන් කරුණාරත්න, පත්මසංඛ වීරසිංහ, රුක්ෂාන් මධුෂංක සහ තිමිර අමන්ද


අදහස් (0)

සී.එච්. පිලට සියුම් වාසියක්

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.