Last Update  :  2025-05-04 16:27:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Rugby සාන්ත තෝමසුවෝ පළමු ජය ලබති
පාසල් රග්බි ලීගය

සාන්ත තෝමසුවෝ පළමු ජය ලබති

editorial - 2022 ජුලි මස 25 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

(ශානුක අරවින්ද)

ශ්‍රී ලංකා පාසල් රග්බි සංගමය සංවිධානය කරන  ඩයලොග් පාසල් රග්බි ලීගයේ පළමු කොටසේ 'ඒ' කාණ්ඩය යටතේ අද (25 වැනිදා) පැවැති තරගයකදී ලකුණු 32-25 ක් ලෙස කටුගස්තොට ශාන්ත අන්තෝනි විදුහල පරාජය කිරීමට ගල්කිස්ස සාන්ත තෝමස් විදුහල සමත් විය.

මේ දක්වා තරග 4 කට ක්‍රීඩා කළ සාන්ත තෝමස් විදුහල මෙවර තරගාවලියේදී ලැබූ පළමු ජය මෙය විය. ශාන්ත අන්තෝනි විදුහලද මේ දක්වා තරග 4 කට ක්‍රීඩා කර ඇති අතර එහිදී ඔවුන් ලැබූ තෙවැනි පරාජය මෙය විය.

කොළඹ හැව්ලොක් ක්‍රීඩාංගණයේදී පැවැති මෙම තරගයේ පළමු අර්ධ අවසන් වන විට ලකුණු 18-10 ක් ලෙස සාන්ත තෝමසුවෝ පෙරමුණ ගත්හ. එහිදී ශාන්ත තෝමස් විදුහල ගෝල දිනුමක්, උත්සහක දිනුමක් සහ දඬුවම් පහර 2 ක් සමගින් ලකුණු රැස්කළේය. ශාන්ත අන්තෝනි විදුහල එහිදී ලකුණු රැස්කළේ ගෝල දිනුමක් සහ දඬුවම් පහරක් සමගිනි.

දෙවැනි අර්ධයේදී සාන්ත තෝමසුවෝ ගෝල දිනුම් 2 ක් මගින් ලකුණු රැස්කරද්දී, ශාන්ත අන්තෝනි විදුහල ගෝල දිනුමක්, උත්සාහක දිනුමක් සහ දඬුවම් පහරක් මගින් ලකුණු රැස්කළේය. කෙ⁣සේ වුවත් පළමු අර්ධය අවසානයේ පැවැති ලකුණු පරතරය අනුව නියමිත කාලය අවසන් වන විට ලකුණු 32-25 ක් ලෙස තරගයේ ජය තෝමසුවන් සතුවිය. 


අදහස් (0)

සාන්ත තෝමසුවෝ පළමු ජය ලබති

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.