Last Update  :  2024-04-19 10:55:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Rugby ශ්‍රී ලංකා රග්බි ක්‍රීඩකයෝ උගන්ඩාවටත් පරදිති
පොදු රාජ්‍ය මණ්ඩලයීය ක්‍රීඩා

ශ්‍රී ලංකා රග්බි ක්‍රීඩකයෝ උගන්ඩාවටත් පරදිති

editorial - 2022 ජුලි මස 31 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

(ශානුක අරවින්ද)

පොදු රාජ්‍ය මණ්ඩලයීය ක්‍රීඩා උළෙලේ සත් සාමාජික රග්බි ඉසව්වේ 9 වැනි ස්ථානයත් 16 වැනි ස්ථානයත් අතර ස්ථානයක් වෙනුවෙන් තරග වැදුණ ශ්‍රී ලංකා කණ්ඩායම, ඊයේ (31 වැනිදා) රාත්‍රියේ පැවැති තරගයකදී උගන්ඩාව හමුවේ ලකුණු 38-19 ක් ලෙස පරාජයට පත් විය.

පළමු අර්ධය නිමාවට පත්වන විට ලකුණු 19-14 ක් ලෙස පෙරමුණ ගත් උගන්ඩා ක්‍රීඩකයෝ, දෙවැනි අර්ධයේදී සිය කණ්ඩායමට තවත් ලකුණු 19 ක් එක්කර ගත්හ. එහිදී ශ්‍රී ලංකා කණ්ඩායමට ලබාගත හැකි වූයේ ලකුණු 5 ක් පමණි. උගන්ඩා ක්‍රීඩක ඉයන් මුන්යානි තරගයේ 3 වැනි විනාඩියේදී විනිසුරුගේ දැඩි අවවාද සමග කහ පැහැති කාඩ්පතක් ලැබීය.

ශ්‍රී ලංකාව වෙනුවෙන් බුද්ධිම කුඩච්චිගේ (1 වැනි විනාඩියේදී), ශ්‍රීනාත් සූරියබණ්ඩාර (5 වැනි විනාඩියේදී) සහ රීසා රෆයිඩීන් (14 වැනි විනාඩියේදී) උත්සාහක දිනුම් ලබාගත් අතර එම උත්සාහක දිනුම් 3 න් 2 ක ප්‍රවර්ථන සාර්ථක කරගැනීමට සූරියබණ්ඩාර සමත් විය.

එහිදී උගන්ඩා කණ්ඩායම ලකුණු රැස්කළේ ගෝල දිනුම් 4 ක් සහ උත්සාහක දිනුම් 2 ක් සමගිනි. උගන්ඩාව වෙනුවෙන් මයිකල් ඔකොරච් උත්සාහක දිනුම් 3 ක්ද, පිලිප් වොකොරච්, ඒරන් ඔෆොයිරොව්ත්, ඉයන් මුන්යානි එක් උත්සාහක දිනුම බැගින්ද ලබාගත්හ. ඉයන් මුන්යානි ඉන් ප්‍රවර්ථන 4 ක් සාර්ථක කරගත්තේය.

‘ඒ’ කාණ්ඩට යටතේ තරග වැදුණ ශ්‍රි ලංකාව මූලික වටයේ සහභාගි වූ තරගවලදී නවසීලන්තය හමුවේ  හමුවේ ලකුණු 63-05 ක් ලෙසද, එංගලන්තය හමුවේ ලකුණු 47-19 ක් ලෙසද, සැමෝවා රාජ්‍යය හමුවේ ලකුණු 44-00 ක් ලෙසද පරාජයට පත්විය. ඒ හේතුවෙන් ශ්‍රී ලංකාවට 9 වැනි ස්ථානයත්, 16 වැනි ස්ථානයත් අතර ස්ථානයක් වෙනුවෙන් තරග වැදීමට සිදුවිය.

කෙසේ වුවත් එහිදී උගන්ඩාව හමුවේද පරාජයට පත්වීම නිසා මේ වන විට ශ්‍රී ලංකාවට 13 වැනි ස්ථානයත්, 16 වැනි ස්ථානයත් අතර ස්ථානයක් වෙනුවෙන් තරග වැදීමට සිදුව ඇත. එහිදී ඔවුන්ගේ ප්‍රතිවාදීන් බවට පත්ව ඇත්තේ සැම්බියාවය. එම තරගය ශ්‍රී ලංකා වේලාවෙන් අද (31 වැනිදා) පස්වරු 3.22 ට ආරම්භ වීමට නියමිතය. 


අදහස් (0)

ශ්‍රී ලංකා රග්බි ක්‍රීඩකයෝ උගන්ඩාවටත් පරදිති

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.