Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd
(ශානුක අරවින්ද)
ආසියානු රග්බි සංගමයේ සංවිධානත්වයෙන් සහ රටවල් 12 ක සහභාගීත්වයෙන් චීනයේ හැංෂූ නුවරදී පැවැති ආසියානු සත් සාමාජික කාන්තා රග්බි තරගාවලියේ පළමු අදියරේ 9 වැනි ස්ථානය හිමිකර ගැනීමට ශ්‍රී ලංකා ක්‍රීඩිකාවෝ පෙරේදා (21 වැනිදා) සමත් වූහ. ඒ 9 වැනි හෝ 10 වැනි ස්ථාන සඳහා පැවැති තේරීම් තරගයේදී සිංගප්පූරුවට එරෙහිව ලකුණු 12-00 ක පහසු ජයක් වාර්තා කිරීම හේතුවෙනි.
පළමු අර්ධය නිමාවට පත්වන විට ලකුණු 05-00 ක් ලෙස පෙරමුණ ගෙන සිටි ශ්‍රී ලංකා ක්‍රීඩිකාවෝ, දෙවැනි අර්ධයේදී තවත් ලකුණු 7 ක් රැස්කළේ තරගය පුරා සිංගප්පූරු ක්‍රීඩිකාවන්ට එකදු ලකුණක් හෝ රැස්කිරීමට ඉඩක් ලබා නොදෙමිනි. පළමු අර්ධයේදී උමයංගනා සත්සරණිද, දෙවැනි අර්ධයේදී සංජීවනී විජේතිලකද ශ්‍රී ලංකා කාන්තා කණ්ඩායම වෙනුවෙන් උත්සාහක දිනුම් වාර්තා කළහ. ඉන් දෙවැන්නේ ප්‍රවර්ථනය සාර්ථක කරගනු ලැබුවේ ඉඳූෂා ජනනි විසිනි.
ශ්‍රී ලංකා ක්‍රීඩිකාවන්ට 9 වැනි ස්ථානය හෝ 10 වැනි ස්ථානය වෙනුවෙන් තරග වැදීමට අවස්ථාව උදා වූයේ 9 වැනි ස්ථානයත්, 12 වැනි ස්ථානයත් අතර ස්ථානයක් වෙනුවෙන් පෙරේදා පෙරවරුවේ ඉන්දුනීසියාවට එරෙහිව පැවැති තරගය 24-17 ක් ලෙස ජයගැනීම හේතුවෙනි. එහිදී සංජීවනී විජේතිලක, ශානිකා මධුමාලි, කාංචනා මහේන්ද්‍රන් සහ සරණි නයනතාරා ශ්‍රී ලංකාව වෙනුවෙන් උත්සාහක දිනුම් වාර්තා කළහ.
සෙනසුරාදා පැවැති මූලික වටයේ තරගවලදී සත්කාරක චීනය හමුවේ ලකුණු 44-00 ක් ලෙසද, මැලේසියාව හමුවේ ලකුණු 24-14 ක් ලෙසද, එක්සත් අරාබි එමීර් කාන්තා කණ්ඩායම හමුවේ 41-00 ක් ලෙසද පරාජයට පත්වීම හේතුවෙන් ශ්‍රී ලංකා ක්‍රීඩිකාවෝ ‘ඩී’ කාණ්ඩයේ සිවුවැනි ස්ථානයට පත්වූ අතර ඔවුන්ට තරගාවලියේ 9 වැනි ස්ථානයත්, 12 වැනි ස්ථානයත් අතර ස්ථානයක් වෙනුවෙන් තරග වැදීමටද සිදුවූහ.
අවසන් මහ තරගයේදී ලකුණු 24-19 ක් ලෙස චීන කාන්තා කණ්ඩායම පරාජය කළ ජපන් කාන්තා කණ්ඩායම තරගාවලියේ ශූරියන් බවට පත්වූහ. අවසන් පූර්ව වටයේදී එම කණ්ඩායම් දෙක හමුවේ පරාජයට පත්වූ හොං හොං කාන්තා කණ්ඩායම සහ තායිලන්ත කාන්තා කණ්ඩායම අතර තරගාවලියේ තෙවැනි ස්ථානය වෙනුවෙන් පැවැති තරගයේ ජය ලකුණු 19-17 ක් ලෙස හොං හොං කාන්තා කණ්ඩායම සතුවිය.
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.