Last Update  :  2024-04-25 22:00:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Rugby ශ්‍රී ලංකා ක්‍රීඩකයෝ සටනක් දී පරදිති
පොදු රාජ්‍ය මණ්ඩලීය ක්‍රීඩා උළෙල

ශ්‍රී ලංකා ක්‍රීඩකයෝ සටනක් දී පරදිති

editorial - 2022 ජුලි මස 30 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

(ශානුක අරවින්ද)

එංගලන්තයේ බර්මින්හැම් නුවරදී පැවැත්වෙන 22 වැනි පොදු රාජ්‍ය මණ්ඩලයීය ක්‍රීඩා උළෙලේ සත් සාමාජික රග්බි ඉසව්වේ අද (29 වැනිදා) පැවැති තරගයකදී ශ්‍රී ලංකා කණ්ඩායමට එරෙහිව ලකුණු 47-19 ක ජයක් වාර්තා කිරීමට එංගලන්ත කණ්ඩායම සමත් විය.

පළමු අර්ධය නිමාවට පත්වන විට ලකුණු 26-07 ක් ලෙස පෙරමුණ ගත් එංගලන්ත ක්‍රීඩකයෝ, දෙවැනි අර්ධයේදී සිය කණ්ඩායමට තවත් ලකුණු 21 ක් එක්කර ගත්හ. එහිදී ශ්‍රී ලංකා කණ්ඩායමට ලබාගත හැකි වූයේ ලකුණු 12 ක් පමණි.

ශ්‍රී ලංකාව වෙනුවෙන් ශ්‍රීනාත් සූරියබණ්ඩාර, අෂාන් රත්වත්තේ සහ බුද්ධිම කුඩච්චිගේ උත්සාහක දිනුම් ලබාගත් අතර ඉන් එක් ප්‍රවර්ථනයක් සූරියබණ්ඩාරද, තවත් ප්‍රවරථනයක් නයිජල් රත්වත්තේද සාර්ථක කරගත්හ.

එහිදී එංගලන්ත කණ්ඩායම ලකුණු රැස්කළේ ගෝල දිනුම් 6 ක් සහ උත්සාහක දිනුමක් සමගිනි. එංගලන්තය වෙනුවෙන් ජෙමී ඇඩම්සන් සහ ‍චාල්ටන් කේර් උත්සාහක දිනුම් 2 බැගින්ද, ටොම් බෝවන්, විල් හෝමර් සහ ටොම් එමරි එක් උත්සාහක දිනුම බැගින්ද ලබාගත්හ. ෆ්‍රෙඩී රොඩ්‍රික් ප්‍රවර්ථන 5 ක්ද, ටොම් එමරි එක් ප්‍රවර්ථනයක්ද සාර්ථක කරගත්හ.

එහිදී එංගලන්ත ක්‍රීඩකයන් වන ජෙමී ඇඩම්සන් (7 වැනි විනාඩියේදී) සහ ෆ්‍රෙඩී රොඩ්‍රික් (11 වැනි විනාඩියේදී) විනිසුරුගේ දැඩි අවවාද සමග කහ පැහැති කාඩ්පත් ලැබූහ.


අදහස් (0)

ශ්‍රී ලංකා ක්‍රීඩකයෝ සටනක් දී පරදිති

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.