Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd
(ශානුක අරවින්ද)
ආසියානු රග්බි සංගමයේ සංවිධානත්වයෙන් චීනයේ හැංෂූ නුවරදී පැවැත්වෙන ආසියානු සත් සාමාජික රග්බි තරගාවලියේ පළමු අදියරේ අද (21 වැනිදා) පැවැති පළමු අවසන් පූර්ව තරගයේදී ස හොං කොං රාජ්‍යය හමුවේ ලකුණු 33-00 ක් ලෙස පරාජය වීම හේතුවෙන් ශ්‍රී ලංකාවට තෙවැනි ස්ථානය තේරීමේ තරගයට සහභාගි වීමට සිදුවිය.
ඒ අනුව දෙවැනි අවසන් පූර්ව තරගයේදී ජපානය හමුවේ ලකුණු 19-14 ක් ලෙස පරාජයට පත්වූ සත්කාරක චීනයට එරෙහිව ශ්‍රී ලංකාව අද පස්වරු 3.12 ට තරග බිමට අවතීර්ණ වීමට නියමිතය. එම තරගයෙන් ජය ලැබීමට ශ්‍රී ලංකාවට හැකි වුවහොත් ඔවුන් මෙම තරගවලියේ තෙවැනි ස්ථානයට පත්වන අතර පරාජයට පත්වුව හොත් ඔවුන්ට සිවුවැනි ස්ථානයෙන් සෑහීමකට පත්වීමට සිදුවනු ඇත.
ශ්‍රී ලංකාව සහ හොං කොං රාජ්‍යය අතර පැවැති පළමු අවසන් පූර්ව තරගයේ පළමු අර්ධය අවසානයේ ලකුණු 19-00 ක් ලෙස පෙරමුණ ගත් හොං කොං ක්‍රීඩකයෝ, දෙවැනි අර්ධයේදී සිය ලකුණු මල්ලට තවත් ලකුණු 14 ක් එක්කර ගත්තේ තරගය පුරා ශ්‍රී ලංකා ක්‍රීඩකයන්ට එකදු ලකුණක් හෝ ලබාගැනීමට ඉඩක් ලබා නොදෙමිනි.
එහිදී හොං කොං කණ්ඩායම වෙනුවෙන් ෆොන්ග් කින් ෆුන්ග් උත්සාහක දිනුම් 2 ක්ද, බ්‍රයන් පිලිප්ස්, මැතිව් රිකර්ඩ් සහ හැරී සේයර්ස් එක් උත්සාහක දිනුම බැගින්ද වාර්තා කළ අතර ඉන් උත්සාහක දිනුම් 3 ක ප්‍රවර්ථන සාර්ථක කර ගැනීමට බ්‍රයන් පිලිප්ස්ද, එක් ප්‍රවර්ථනයක් සාර්ථක කර ගැනීමට මැතිව් රිකර්ඩ්ද සමත් වූහ.
මූලික වටය අවසානයේ හොං කොං රාජ්‍යය, ජපානය සහ චීනය පිළිවෙළින් ‘ඒ‘, ‘බී‘ සහ ‘සී‘ කාණ්ඩවල පෙරමුණ ගනිමින් අවසන් පූර්ව වටයට සුදුසුකම් ලැබීය. ශ්‍රී ලංකාව අවසන් පූර්ව වටයට සුදුසුකම් ලැබුවේ මූලික වටය අවසානයේ කාණ්ඩ තුනේ දෙවැනි ස්ථානවලට පත්වූ කණ්ඩායම් අතරින්ඉ හළම දස්කම් දැක්වූ කණ්ඩායම ලෙසිනි.
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.