Last Update  :  2024-03-28 23:35:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Rugby ශ්‍රී ලංකාවට 13 හෝ 14 වැනි ස්ථාන
පොදු රාජ්‍ය මණ්ඩලීය ක්‍රීඩා උළෙල

ශ්‍රී ලංකාවට 13 හෝ 14 වැනි ස්ථාන

editorial - 2022 ජුලි මස 31 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

පොදුරාජ්‍ය මණ්ඩලයීය ක්‍රීඩා උළෙලේදී 13 වැනි හෝ 14 වැනි කණ්ඩායම් අතර ස්ථානයක් සොයමින් තරග කළ ශ්‍රී ලංකා සත් සාමාජික රග්බි කණ්ඩායම විසින් සැම්බියාව ලකුණු 27 - 14 කින් පරාජය කරන ලදි. මෙම තරගය අද (31 වැනිදා) බර්මින්හැම් නුවරදී පැවැත්විණ.

තරගයේ පළමු අර්ධය නිමාවේදී ශ්‍රී ලංකා කණ්ඩායම 10 - 07 ක් ලෙසින් ඉදිරියෙන් සිටියේය.

ශ්‍රී ලංකා කණ්ඩායම උත්සාහක දිනුම් 5 ක් වාර්තා කළ අතර ඉන් එකක් මිතුන් හපුගොඩ විසින් ගෝල දිනුමක් බවට ප්‍රවර්තනය කරන ලදි. නයිජල් රත්වත්ත උත්සාහක දිනුම් දෙකක් ලබාගත් අතර අශාන් රත්වත්ත, දන්ශා දයාන් සහ බුද්ධිම නානායක්කාර තිදෙනා අනෙක් උත්සාහක දිනුම් ලබාගත්හ. සැම්බියානු කණ්ඩායම ගෝල දිනුම් දෙකකින් ලකුණු ලබාගත්තේය.

මෙම ජයග්‍රහණයෙන් පසුව මීළඟට පැවැත්වෙන තරගයේදී ශ්‍රී ලංකා කණ්ඩායම ජයග්‍රහණය කළහොත් තරගාවලියේ 13 වැනි ස්ථානයද පරාජය වුවහොත් 14 වැනි ස්ථානයද හිමිවනු ඇත.

- 213

 


අදහස් (0)

ශ්‍රී ලංකාවට 13 හෝ 14 වැනි ස්ථාන

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.