Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd
(ශානුක අරවින්ද)
ශ්‍රී ලංකා පාසල් රග්බි සංගමය සංවිධානය කරන ඩයලොග් පාසල් රග්බි ලිගයේ පළමු කොටසේ පස්වැනි සතිය ආරම්භ කරමින් කොළඹ රාජකීය විදුහලට එරෙහිව මරදාව ශාන්ත ජෝෂප් විදුහල හෙට (22 වැනිදා) කොළඹ හැව්ලොක් ක්‍රීඩාංගණයේදී පස්වරු 4.15 ට තරග බිමට පිවිසීමට නියමිතය.
මේ දක්වා තරග 4 කට සහභාගි වී ඇති රාජකීය විදුහල ඉන් තරග 3 ක් ජයගෙන, එක් තරගයක් පරාජයට පත්වී පළමු කොටසේ ‘ඒ-1’ කාණ්ඩයේ පෙරමුණ ගෙන සිටියි. එම කාණ්ඩයේ දෙවැනි ස්ථානයේ පසුවන ශාන්ත ජෝෂප් විදුහල මේ දක්වා සහභාගි වූ තරග 3 න්ම ජය ලබා අපරාජිතව සිටියි.
සිවුවැනි සතිය නිමාවට පත්වන විට රාජකීයයන් ප්‍රසාද ලකුණු 3 ක් සමග මුළු ලකුණු 18 ක් හිමිකම් කී අතර ශාන්ත ජෝෂප් ක්‍රීඩකයෝ ප්‍රසාද ලකුණු 2 ක් සමග ලකුණු 17 කට හිමිකම් කිහ. ඒ අනුව මෙම තරගය ජයගන්නා කණ්ඩායමට ප්‍රසාද ලකුණු සටහනේ පෙරමුණ ගැනීමට හැකි වනු ඇත.
මෙතෙක් පැවැති තරගවලදී ලකුණු 22-12 කින් කටුගස්තොට ශාන්ත අන්තෝනි විදුහලද, ලකුණු 53-00 කින් මහනුවර කිංග්ස්වුඩ් විදුහලද,ලකුණු 20-08 කින් ගල්කිස්ස සාන්ත තෝමස් විදුහලද පරාජය කළ රාජකීය විදුහල, ලකුණු 21-20 ක් ලෙස ත්‍රිත්ව විදුහල හමුවේ පරාජයට පත් විය.
මින් පෙර සහභාගි වූ තරගවලදී මහනුවර කිංග්ස්වුඩ් විදුහලට එරෙහිව ලකුණු 34-03 ක ජයක්ද, ගල්කිස්ස සාන්ත තෝමස් විදුහලට එරෙහිව ලකුණු 30-28 ක ජයක්ද, මහනුවර ත්‍රිත්ව විදුහලට එරෙහිව ලකුණු 20-15 ක ජයක්ද වාර්තා කිරීමට ශාන්ත ජෝෂප් විදුහල සමත් විය.
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.