Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd
(ශානුක අරවින්ද)
ශ්‍රී ලංකා පාසල් රග්බි සංගමය සංවිධානය කරන ඩයලොග් පාසල් රග්බි ලිගයේ පළමු කොටසේ සිවුවැනි සතිය නිමාවට පත්වන විට ‘ඒ-1’ කාණ්ඩයේ පෙරමුණ රැකගැනීමට කොළඹ රාජකීය විදුහලත්, ‘ඒ-2’ කාණ්ඩයේ පෙරමුණ රැකගැනීමට කොළඹ ඉසිපතන විදුහලත් සමත්ව සිටිති.
‘ඒ-1’ කාණ්ඩයේ පෙරමුණ ගෙන සිටින රාජකීය විදුහල, මේ දක්වා තරග 4 කට සහභාගි වී ඇති අතර ඉන් තරග 3 ක් ජයගෙන ඇති ඔවුන් පරාජයට පත්වී ඇත්තේ එක් තරගයකත් පමණි. ප්‍රසාද ලකුණු 3 කට හිමිකම් කියන ඔවුන් මේ වන විට ලබා සිටින මුළු ලකුණු සංඛ්‍යාව 18 කි.
මරදාන ශාන්ත ජෝෂප් විදුහල (ලකුණු 17) සහ මහනුවර ත්‍රිත්ව විදුහල (ලකුණු 16) පිළිවෙලින් ‘ඒ-1’ කාණ්ඩයේ දෙවැනි සහ තෙවැනි ස්ථානවල රැදී සිටිති. එහිදී ශාන්ත ජෝෂප් විදුහල ප්‍රසාද ලකුණු 2 ක් ලබා සිටින අතර ත්‍රිත්ව විදුහල ලබා සිටින ප්‍රාසද ලකුණු සංඛ්‍යාව 1 කි.
මේ දක්වා තරග 3 කට සහභාගි වී ඇති ඉසිපතන විදුහල එම තරග 3 න්ම ජය ලබා සිය අපරාජිත බව රැකගෙන ‘ඒ-2’ කාණ්ඩයේ පෙරමුණ ගෙන සිටියි. ප්‍රසාද ලකුණක්ද සමග එහිදී ඔවුන් ලබා සිටින මුළු ලකුණු සංඛ්‍යාව 16 කි. තරග 3 කට සහභාගි වී 2 ක් ජයගෙන ප්‍රසාද ලකුණු 2 ක් සමග මුළු ලකුණු 12 ක් ලබා සිටින කොළඹ වෙස්ලි විදුහල ‘ඒ-2’ කාණ්ඩයේ දෙවැනි ස්ථානයේ පසුවේ.
තරගාවලියේ 5 වැනි සතිය මේ වන විට ආරම්භ වී ඇති අතර එහිදී පළමු කොටසේ ‘ඒ’ කාණ්ඩයේ තරග 6 ක් පැවැත්වීමට නියමිතය. ඉන් තරග 4 ක් එළඹෙන සෙනසුරාදා (23 වැනිදා) පැවැත්වෙන් අතර සෙසු තරග 2 සිකුරාදා (22 වැනිදා) සහ ඉරිදා (24 වැනිදා) පැවැත්වීමට නියමිතය.
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.