Last Update  :  2025-12-05 14:35:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Rugby රග්බි තරගය බෙලිඅත්තෙන් රත්මලානට

රග්බි තරගය බෙලිඅත්තෙන් රත්මලානට

ශනුක අරවින්ද - 2015 ජන මස 22 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

ශ්‍රී ලංකා රග්බි සංගමය මෙහෙයවන අන්තර් සමාජ පළමු කොටසේ ‘ඩයලොග්’ කුසලාන ලීග් රග්බි තරගාවලියේ දෙවැනි වටයේදී හම්බන්තොට ශාක්ස් පිල සහ ගුවන් හමුදා පිල අතර හෙට (23) බෙලිඅත්ත ඞී. ඒ. රාජපක්‍ෂ ක‍්‍රීඩාංගණයේදී පැවැත්වීමට නියමිතව තිබූ අතර රත්මලාන ගුවන් හමුදා ක‍්‍රීඩාංගණයට මාරුකර තිබේ.

මෙම තරගය හම්බන්තොට ශාක්ස් පිල සත්කාරකත්වය දරණ තරගයක් වන අතර පළමු වටයේදී ශාක්ස් පිල සත්කාරකත්වය දැරූ සියලූම තරග බෙලිඅත්තේදී පැවැත්විණි.  තරගාවලියේ දෙවැනි වටයේ දෙවැනි සති අන්තයයේ තරග හතරක් පැවැත්වීමට නියමිතය. 

පොලිස් පිල සහ මහනුවර පිල අතර අනිද්දා (24) බම්බලපිටිය පොලිස් ක‍්‍රීඩාංගණයේදී පැවැත්වීමට නියමිතව තිබූ තරගය ද සී. ආර්. පිටියට මාරු කර තිබේ. 

පළමු සතියේ තරග අවසන් වන විට නාවික හමුදා පිල ප‍්‍රසාද ලකුණු සටහනේ පෙරමුණට පැමිණීමට සමත්ව සිටියේය. මහනුවර ක‍්‍රීඩා සමාජය දෙවැනි ස්ථානයේ පසු වෙයි. 

නාවික හමුදා පිල තරග 9 කදි ජයග‍්‍රහණ 8 ක් සහ පරාජයක් සමගින් ප‍්‍රසාද ලකුණු 45 ක් ද, මහනුවර ක‍්‍රීඩා සමාජය තරග 8 කදී ජයග‍්‍රහණ 7 ක් සහ පරාජයක් සමගින් ප‍්‍රසාද ලකුණු 40 ක් ද, ලබා තිබේ. 

හැව්ලොක්ස් පිල තරග 9 කදී ජයග‍්‍රහණ 6 ක් සහ පරාජ 3 ක් සමගින් ප‍්‍රසාද ලකුණු 38 ක් ලබා සිටියි. 

මෙම සති අන්තයේ පැවැත්වෙන තරග

  • 23 වැනිදා - හම්බන්තොට ශාක්ස් පිල සහ ගුවන් හමුදා පිල අතර රත්මලාන ගුවන් හමුදා ක‍්‍රීඩාංගණයේදී (පස්වරු 4.30)
  • 24 වැනිදා - පොලිස් පිල සහ මහනුවර පිල අතර සී. ආර්. ඇන්ඞ් එෆ්. සී. ක‍්‍රීඩාංගණයේදී (පස්වරු 4.30)
  • 24 වැනිදා - නාවික හමුදා පිල සහ යුද හමුදා පිල අතර වැලිසර නාවික හමුදා ක‍්‍රීඩාංගණයේදී (පස්වරු 4.30)
  • 25 වැනිදා - හැව්ලොක්ස් පිල සහ සී. ආර්. ඇන්ඞ් එෆ්. සී. පිල අතර හැව්ලොක්ස් ක‍්‍රීඩාංගණයේදී (පස්වරු 6.30)

ප‍්‍රසාද ලකුණු සටහන - දෙවැනි වටය  

කණ්ඩායම        තරග        ජය        පරාජ        වි.තො        ලැ.ල        දු.ල        අ.ප‍්‍ර        ප‍්‍ර.ල

නාවික හමුදාව        9        8        1    -        289        134        5        45
මහනුවර        8        7    1    -        302        118        5        40
හැව්ලොක්ස්        9        6        3        -    262        142        8        38
යුද හමුදාව        9        6        3    -    206        182        4        34
සී. ආර්.        9        5        4 -        227        191        7        32
පොලිස්        9        4        5        -        210        282        5        25
ශාක්ස්        9        2        7        -    140        390        1     11
සී. එච්.        8        1        7        -        127        259        4        9
ගුවන් හමුදාව        8    -        8    -        136        301        3        3
    
කෙටි යෙදුම්: වි.තො - විසඳුමකින් තොර, ලැ.ල - ලැබු ලකුණු, දු.ල - දුන් ලකුණු, අ.ප‍්‍ර - අතිරේක ප‍්‍රසාද ලකුණු, ප‍්‍ර.ල - ප‍්‍රසාද ලකුණු, සාමා. - සාමාන්‍ය


අදහස් (0)

රග්බි තරගය බෙලිඅත්තෙන් රත්මලානට

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.