‘ඩයලොග්’ කුසලාන වෙනුවෙන් පැවැත්වෙන අන්තර් සමාජ පළමු කොටසේ ලීග් රග්බි තරගාවලියේ දෙවැනි වටයේ දෙවැනි තරගය ලෙස ලොන්ඩන් පෙදෙස සී. ආර්. පිටියේදී අද (17) පැවැති තරගයේදී රෝහිත රාජපක්‍ෂ මෙහෙයවූ යුද හමුදා පිල සී. ආර්. ඇන්ඞ් එෆ්. සී. පිලට එරෙහිව ලකුණු 21-18 ක තියුණු ජයක් ලැබීමට සමත් විය.
හිටපු ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මහතා ජනාධිපතිවරණයෙන් පරාජයට පත්වීමත් සමඟ හිටපු ජනාධිපතිවරයාගේ බාල පුතු වන රෝහිත රාජපක්‍ෂ මෙම තරගයට ක‍්‍රීඩා කිරීම අවිනිශ්චිත තත්ත්වයකට පත්ව තිබූණි.
තරගය ආරම්භයේ සිටම තියුණු තත්ත්වයක් පැවැති අතර වරින් වර තරගයේ වාසිය දෙපිලටම දෝලනය විය. එහිදී යුද හමුදා පිලට ක‍්‍රීඩා කළ කළු ජාතික කී‍්‍රඩකයන්ගේ මෙන්ම සී. ආර්. පිලට ක‍්‍රීඩා ක‍්‍රීඩක සුදු ජාතික විදේශිය ක‍්‍රීඩකයන්ගේ දස්කම් කැපී පෙනුණි.
දෙවැනි අර්ධයේ 29 වැනි මිනිත්තුවේදී මොහොමඞ් අක්රම් යුද හමුදා පිලට එක්කළ උත්සාහක දිනුමත් සමඟ යුද හමුදාව ලකුණු 21 - 18 ක් ලෙස පෙරමුණට පැමිණියේය. දෙවැනි අර්ධයේ අවසන් මිනිත්තු 11 තුළ දෙපිලටම ලකුණු ලබාගැනීමට නොහැකි විය.
විදේශිය ක‍්‍රීඩක බිලි රොපිහි පළමු අර්ධයේ අවසන් මිනිත්තුවේදී සම්පූර්ණ කළ උත්සාහක දිනුම නලීන් කුමාර ගෝලයක් බවට ප‍්‍රවර්ථනය කිරීමත් සමඟ ලකුණු 15 - 13 ක් ලෙස සී. ආර්. පිල පෙරමුණේ සිටියදී එම අර්ධය අවසන් විය.
විනිසුරු ඩින්ගා පීරිස් මහතාගේ පළමු නළා හඩින් මිනිත්තු 8 ට පසුව යුද හමුදා පිලට ලැබුණු දඩුවම් පහර ගයාන් සලින්ද සාර්ථක කිරීමත් සමඟ ලකුණු 3 - 0 ක් ලෙස යුද හමුදාව පෙරමුණට එමින් ලකුණු පුවරුව ක‍්‍රියාත්මක විය.
ෂේන් සම්මන්දපෙරුම 18 වැනි මිනිත්තුවේදී සම්පූර්ණ කළ උත්සාහක දිනුමත්, 26 වැනි මිනිත්තුවේදී නලීන් කුමාර සාර්ථක කළ දඩුවම් පහරත් සමගින් ලකුණු 8 - 3 ක් ලෙස සී. ආර්. පිල ඉදිරියට ඇදුණේය.
ගයාන් සලින්ද 28 වැනි මිනිත්තුවේදී සාර්ථක කළ දඩුවම් පහරත්, කවිදු පෙරේරා 32 වැනි මිනිත්තුවේදී සම්පූර්ණ කළ උත්සාහක දිනුමට ගයාන් සාලින්ද අතිරේක ලකුණු දෙක එකතු කිරීමත් නිසා යුද හමුදාව නැවතත් ලකුණු 13 - 8 ක් ලෙස පෙරමුණ ගත්තේය.
දෙවැනි අර්ධයේ 7 වැනි මිනිත්තුවේදී සී. ආර්. පිලට මීටර 40 සීමාවේ සිට ලැබුණු දඩුවම් පහරක් සාර්ථක කළ නලීන් කුමාර ලකුණු පුවරුව 18 - 13 ක් බවට පත් කළේය.
යුද හමුදා පිලේ ජයග‍්‍රහණයේ දැවැන්ත කොටස්කරුවකු බවට පත්වූ ගයාන් සලින්ද 26 වැනිදා මිනිත්තුවේදී විශිෂ්ට ලෙස දඩුවම් පහරක් සම්පූර්ණ කරමින් ලකුණු පුවරුව 18 - 16 ක් බවට පත් කළේය.
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.