Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd
මනා සැලසුමකින් සහ ඉවසීමකින් යුතුව ක්‍රීඩා කරමින් පසුගිය සතියේ දී හැව්ලොක්ස් ක්‍රීඩා සමාජය ලකුණු 26-11 කින් පරදවා ප්‍රසාද ලකුණු සටහනේ මුල් තැන උදුරා ගෙන පිට පිට තුන්වැනි වරටත් අන්තර් සමාජ පළමුපෙළ ලීග් රග්බි තරගාවලියේ ශූරතාවට අයිතිවාසිකම් කියා සිටින මහනුවර ක්‍රීඩා සමාජයට එය සෙංකඩගල පුරවරයට ගෙන යාමට හෙට (11) කොළඹ තුරඟ තරග පිටියේ දී සී.එච්.ඇන්ඞ් එෆ්.සී. කණ්ඩායමට එරෙහිව පැවැත්වෙන තරගය නිමාවනතුරු කල් මැරීමට සිදුවී තිබේ.
මෙතෙක් ක්‍රීඩා කළ සියලුම තරග පරාජයට පත්ව ප්‍රසාද ලකුණු සටහනේ අන්තිම දුර්වලයා හැටියට ලේබල්ගත වූ සී.එච්. පිල සමග හෙට පැවැත්වෙන තරගය එක් අතකින් මහනුවර ක්‍රීඩකයන්ට කිසිදු තර්ජනයක් එල්ල නොවන එකකි. මහනුවර පිලේ ප්‍රබල ක්‍රීඩකයන් ක්ලිෆර්ඞ් කුසලාන තරගාවලියට රැකගත යුතු බැවින් හෙට තරගය බොහෝ විට එම කණ්ඩායමේ කෝඩුකාර ක්‍රීඩකයන්ට සිය දස්කම් මුවහත් කරගැනීමට අවස්ථාවක් ලබාදීමට පුහුණුකරු කල්පනා කරනු නිසැකය.
පසුගිය සති අන්තයේ තරග නිමාවට පත්වෙද්දී මහනුවර පිල ලකුණු 69 ක් ලබා පෙරමුණ ගත් අතර හැව්ලොක්ස් පිල ලකුණු 63 ක් ලබා ගනිමින් දෙවැනි ස්ථානයේ පසුවෙයි. එහෙත් හෙට ඇරැඹෙන අවසන් සතියේ තරග ප්‍රතිඵල කුමක් වූවත් මෙවර ලීග් ශූරතාව මහනුවරට මිස වෙන කිසිවකුට හිමි නොවන බව ඉඳුරාම කිව හැක්කේ ඔවුන් ප්‍රසාද ලකුණු 14 කුත් ලබා සිටින බැවිනි.
හැව්ලොක්ස් පිලට මෙතෙක් හිමිවී ඇත්තේ ප්‍රසාද ලකුණු 8 ක් පමණි. ලීග් තරගාවලියේ නීති රීති අනුව එක් තරගයක දී උත්සාහක දිනුම් 4 ක් හෝ ඊට වඩා තබන කණ්ඩායමකට එක් ප්‍රසාද ලකුණක් හිමිවන අතර මහනුවර පිල ආරම්භයේ සිටම සැලසුම් කළේ සිය බෝනස් ලකුණු ප්‍රමාණය වැඩි කරගැනීමටය.
මාස තුනක් පුරා ඇදී ගිය ඩයලොග් රග්බි ලිග් තරගාවලියේ හෙට ඇරැඹෙන අවසන් තරග සතියේදී හැව්ලොක්ස් ක්‍රීඩා සමාජය සහ නාවික හමුදා කණ්ඩායම අතර තරගය පැවැත්වීමට නියමිතව ඇත්තේ ඉරිදා (12) ය. එය මෙවර සති අන්තයේ තීරණාත්මක තරගය වන්නේ දෙපිලම මෙවර ලීග් අනුශූරයන් වීමේ බලාපොරොත්තුවෙන් තරග බිමට පිවිසෙන බැවිනි.
නිමාවට පත්වූ තරග 13 කින් 11ක් ජයගෙන ප්‍රසාද ලකුණු 8 ක් සමග හැව්ලොක්ස් පිල සමස්ත ලකුණු 63 ක් ලබා ගනිද්දී, නැවියන් ප්‍රසාද ලකුණු 7 ක් සමග මුලු ලකුණු 57 ක් ලබා සිටින්නේ තරග 13 කින් 10 ක් ජයගනිමිනි. එසේ වුවත් වැලිසර නාවික හමුදා පිටියේ පැවැත්වෙන බැවින් මේ තරගය හැව්ලොක්ස් පිලට ලෙහෙසි වන්නේ නැති බව නම් සහතිකය.
අවසන් සතියේ සෙසු තරග වන්නේ පොලිස් ක්‍රීඩා සමාජය සහ සී.ආර්.ඇන්ඞ් එෆ්.සී. කණ්ඩායම අතර පොලිස් පිටියේත්, යුද හමුදා පිල සහ ගුවන් හමුදා පිල අතර දියගමදිත් හෙට පැවැත්වෙන තරගයි. මේ තරග ප්‍රතිඵල ලීග් තරගාවලියට බලපාන්නක් නොවූවත් එළැඹෙන ක්ලිෆර්ඞ් කුසලාන පිළිමලුන් පිටුදැකිමේ තරග වදින කණ්ඩායම් තෝරාගැනීමට ඉවහල් වෙයි.
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.