ශ්‍රී ලංකා රග්බි සංගමය මෙහෙයවන අන්තර් සමාජ පළමු කොටසේ ‘ඩයලොග්’ කුසලාන ලීග් රග්බි තරගාවලියේ පළමු වටයේ ප‍්‍රසාද ලකුණු සටහනේ පළමු ස්ථානයට පැමිණීමට මහනුවර ක‍්‍රීඩා සමාජය සමත් විය.
මහනුවර පිල සහ සී. එච්. පිල අතර මෙට්ලන්ඞ් පෙදෙසේදී පැවැති අවසන් තරගයේදී මහනුවර ක‍්‍රීඩකයෝ ලකුණු 71-5 ක ජයක් ලැබූහ.
ජයග‍්‍රාහි මහනුවර පිල ගෝල 8 කින් සහ උත්සාහක දිනුම් 3 කින් ලකුණු ලැබීය. සී. එච්. පිල උත්සාහක දිනුමක් පමණක් සම්පූර්ණ කළේය.
පළමු අර්ධය අවසන් වන විට මහනුවර පිල ලකුණු 38-0 ක් ලෙස පෙරමුණේ පසුවිය.
- 048
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.