Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd
(ශානුක අරවින්ද)
මහනුවර ත්‍රිත්ව විදුහල සහ කොළඹ රාජකීය විදුහල අතර 76 වැනි වරට පැවැත්වෙන බ්‍රැඩ්බි පළිහ රග්බි තරගාවලියේ පළමු අදියර හෙට (20 වැනිදා) පස්වරු 4.00 සිට රාජකීය විදුහල් ක්‍රීඩා සංකීර්ණයේදී පැවැත්වේ. මෙවර තරගාවලියේදී කවීන් සසංක විසින් රාජකීය විදුහල් කණ්ඩායම මෙහෙයවනු ලබන අතර ලිත්මාල් මොරගොඩ ත්‍රිත්ව විදුහල් කණ්ඩායමේ නායකත්වය දරනු ඇත.
මේ දක්වා පැවැති තරගවාර 75 න් 39 ක් ජයගැනීමට ත්‍රිත්ව විදුහල සමත්ව ඇති අතර රාජකීය විදුහල ඉන් 34 කදී ජය ලබා ඇත. තරග 2 ක් ජය පැරදුමෙන් තොරව අවසන්වී තිබේ. කෙසේ වුවත් අවසන් වසර දෙකේදී (2020 සහ 2021) කොවිඩ් වසංගත තත්ත්වය හේතුවෙන් මෙම තරගාවලිය පැවැත්වීමට නොහැකි විය.
අවසන් වරට පැවැති බ්‍රැඩ්බි පළිහ රග්බි තරගාවලි තුනේදීම (2017, 2018 සහ 2019) ශූරතා දිනාගැනීමට රාජකීය විදුහල සමත්ව ඇති අතර ත්‍රිත්ව විදුහල අවසන් වරට එහි ශූරතාවට හිමිකම් කියා ඇත්තේ 2014 වසරේදීය. 2015 වසරේදී පැවැති තරගාවලියේ ජයද රාජකීයයන් සතුවූ අතර 2016 වසරේදී පැවැති තරගාවලිය ලකුණු සම වීම හේතුවෙන් ජය පැරදුමකින් තොරව අවසන් විය.
එහිදී කැපී පෙනෙන සිදුවීමක් වූයේ 2019 වසරේදී පැවැති තරගාවලියේදී පළමු අදියර ලකුණු 34-17 ක් ලෙස ජයගැනීමට රාජකීය විදුහල සමත් වෙද්දී, එහි දෙවැනි අදියරේ ජය ලකුණු 24-13 ක් ලෙස ත්‍රිත්ව විදුහල සතුවීමය. කෙසේ වුවත් අදියර දෙකේම ලකුණු එකතුව සලකා බැලීමේදී ලකුණු 47-41 ක් ලෙස තරගාවලියේ ජය රාජකීය විදුහල සතුවිය.
වැඩිම වාර ගණනකදී පිට පිටම මෙම තරගාවලියේ ශූරතාව දිනා ඇත්තේ ත්‍රිත්ව විදුහලය. 1952 වසරේ සිට 1957 වසර දක්වා කාලය තුළ 6 වරක් බැඩ්බි පළිහ තමන් සන්තකයේ රඳවාගැනීමට ත්‍රිත්ව ක්‍රීඩකයෝ සමත් වූහ. වැඩිම ලකුණු පරතරයකින් මෙම තරගාවලිය ජයගත් කණ්ඩායම ලෙස රාජකීය විදුහල හැඳින්විය හැකි අතර 2002 වසරේදී පැවැති තරගාවලිය ඔවුන් ජය ලැබුවේ 83-00 ක් ලෙසිනි.
මෙවර (2022) පාසල් රග්බි ලීගයේදී මෙම කණ්ඩායම් දෙක අවසන් වරට මුණගැසුනු අතර එහිදී ලකුණු 21-20 ක තියුණු ජයක් වාර්තා කිරීමට ත්‍රිත්ව විදුහල සමත් විය. එම තරගාවලියේ මූලික වටයේදී මෙම කණ්ඩායම් දෙකම තරග 4 බැගින් ජයගෙන, එක් තරගය බැගින් පරාජයට පත්වුවද ත්‍රිත්ව විදුහලට සුපිරි 4 දෙනාගේ වටයට පිවිසීමට නොහැකි විය.
පළමු කොටසේ ‘ඒ-1’ කාණ්ඩයේ පෙරමුණ ගනිමින් සුපිරි 4 දෙනාගේ වටයට පිවිසි රාජකීය විදුහල එහිදී ඉසිපතන විදුහල හමුවේ පරාජයට පත්වීම හේතුවෙන් තරගාවලියේ තෙවැනි ස්ථානයට පත් විය. මූලික වටයේදී ලකුණු 20-15 ක් ලෙස ත්‍රිත්ව විදුහල පරාජය කළ මරදාන ශාන්ත ජෝෂප් විදුහල තරගාවලියේ අනු ශූරතාව හිමිකරගත් අතර ඉසිපතන විදුහල එහි ශූරයන් බවට පත් විය.
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.