Last Update  :  2025-12-05 14:35:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Rugby නාවික හමුදාව 43-8 කින් ජයගනී

නාවික හමුදාව 43-8 කින් ජයගනී

ශනුක අරවින්ද - 2015 ජන මස 24 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

අන්තර් සමාජ පළමු කොටසේ ‘ඩයලොග්’ කුසලාන ලීග් රග්බි තරගාවලියේ දෙවැනි වටයේ තරගයකදී  නාවික හමුදා පිල විසින් යුද හමුදා පිල ලකුණු 43-8 කින් පරාජය කරන ලදි. මෙම තරගය වැලිසර නාවික හමුදා ක‍්‍රීඩාංගණයේදී අද (24) පස්වරුවේ පැවැත්විණ. 

මෙම තරගයට ද නාවික හමුදා පිලේ නායක යෝෂිත රාජපක්‍ෂ ක‍්‍රීඩා නොකළ අතර සජිත් සාරංග නාවික හමුදා පිලේ නායකයා ලෙස කටයුතු කළේය.  යුද හමුදා පිල මෙහෙයවන ලද්දේ රෝහිත රාජපක්‍ෂ විසිනි. 

හිටපු ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මහතා මැතිවරණයෙන් පරාජයට පත්වීමෙන් පසුව ඒ මහතාගේ දෙවැනි පුතු වන නාවික හමුදා පිලේ නායක යෝෂිත රාජපක්‍ෂ තරග දෙකටම සහභාගි නොවීය. බාල පුත‍්‍රයා වන යුද හමුදා පිලේ නායක රෝහිත රාජපක්‍ෂ තරග දෙකටම සහභාගි විය. 

තරගයට නැරඹීමට හිටපු ජනාධිපතිවරයාගේ බිරිද ශිරන්ති රාජපක්‍ෂ මහත්මිය ද පැමිණ සිටියාය. 

නාවික හමුදා පිල පළමු අර්ධය අවසන් වන විට ලකුණු 31-3 ක් ලෙස පෙරමුණේ පසු විය.

ජයග‍්‍රාහි නාවික හමුදා පිල ගෝල 4 කින් සහ උත්සාහක දිනුම් 3 කින් ලකුණු රැස් කළේය. යුද හමුදා පිල උත්සාහක දිනුකින් සහ දඩුවම් පහරකින් ලකුණු ලැබීය.

නාවික හමුදා පිලේ විශ්වමිත‍්‍ර ජයසිංහ උත්සාහක දිනුම් දෙකක් ද, බිලාල් හසන්, සජිත් සාරංග, විදේශිය ක‍්‍රීඩකයන් වන සෙටෆානෝ, ලියෝ සහ හලාබි උත්සාහක දිනුම් බැගින් සම්පූර්ණ කළහ. 

රීසා මුබාරක් ගෝල ප‍්‍රවර්ථන හතරක් සාර්ථක කිරීමට සමත් විය.   


අදහස් (0)

නාවික හමුදාව 43-8 කින් ජයගනී

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.