ශ්‍රී ලංකා රග්බි සංගමය මෙහෙයවන අන්තර් සමාජ පළමු කොටසේ ‘ඩයලොග්’ කුසලාන ලීග් රග්බි තරගාවලියේ පළමු වටයේ සති 8 ක් අවසන් වීමෙන් පසුව නාවික හමුදාව ප‍්‍රසාද ලකුණු සටහනේ පෙරමුණ ගෙන සිටී.
නාවික හමුදාව තරග 8 කට සහභාගි වී ප‍්‍රසාද ලකුණු සටහනේ පෙරමුණේ පසු වන අතර මහනුවර ක‍්‍රීඩා සමාජය තරග 7 කට සහභාගි වී දෙවැනි ස්ථානයේ පසුවෙයි.
නවවැනි සතියේ තරග ආරම්භ කරමින් හම්බන්තොට ශාක්ස් පිල සහ හැව්ලොක්ස් පිල අතර තරගය අද (02) පස්වරුවේ විදුලි ආලෝකය මධ්‍යයේ හැව්ලොක්ස් පිටියේදී පැවැත්වීමට නියමිතව තිබුණි.
මෙවර තරගාවලිය පසුගිය වසර කීපයේ මෙන් කුසලාන සහ පළඟ ලෙස කොටස් දෙකකට නොපැවැත්වෙන අතර මෙම කණ්ඩායම් නවය නැවතත් පළමු වටයේ ප‍්‍රසාද ලකුණු සමඟ දෙවැනි වටයේ ක‍්‍රීඩා කරයි.
| ඩයලොග් රග්බි ලීගය 2014/2015 (9 වන සතිය) | |||
| දිනය | සත්කාරක පිල | ආගන්තුක පිල | ස්ථානය |
| ජනවාරි 2 | ශාක්ස් | හැවලොක් | හැව්ලොක් පිටියේදී |
| ජනවාරි 3 | සී.එච්. | මහනුවර | හැව්ලොක් පිටියේදී |
| ජනවාරි 4 | සී. ආර් | ගුවන් හමුදා | ලොන්ඩන් ප්ලේස් |
| ජනවාරි 4 | පොලිස් | යුද හමුදා | පොලිස් පාර්ක් පිටියේදී |
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.