Last Update  :  2024-04-24 18:41:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Rugby නවසීලන්තය ශ්‍රී ලංකාවට බැට දෙයි
පොදු රාජ්‍ය මණ්ඩලීය ක්‍රීඩා උළෙල

නවසීලන්තය ශ්‍රී ලංකාවට බැට දෙයි

editorial - 2022 ජුලි මස 29 {{hitsCtrl.values.hits}} Views 1 Comment
A A A

(ශානුක අරවින්ද)

එංගලන්තයේ බර්මින්හැම් නුවරදී පැවැත්වෙන 22 වැනි පොදු රාජ්‍ය මණ්ඩලයීය ක්‍රීඩා උළෙලේ සත් සාමාජික රග්බි ඉසව්වේ අද (29 වැනිදා) පැවැති තරගයකදී ශ්‍රී ලංකා කණ්ඩායමට එරෙහිව ලකුණු 63-05 ක දැවැන්ත ජයක් වාර්තා කිරීමට නවසීලන්තය කණ්ඩායම සමත් විය.

පළමු අර්ධය නිමාවට පත්වන විට ලකුණු 28-05 ක් ලෙස පෙරමුණ ගත් නවසීලන්ත ක්‍රීඩකයෝ, දෙවැනි අර්ධයේදී සිය කණ්ඩායමට තවත් ලකුණු 35 ක් එක්කර ගත්හ. එහිදී ශ්‍රී ලංකා කණ්ඩායමට ලබාගත හැකි වූයේ එක් උත්සාහක දිනුමක් පමණි. ශ්‍රී ලංකාව වෙනුවෙන් අෂාන් රත්වත්තේ එම උත්සාහක දිනුම ලබාගත්තේය.

එහිදී නවසීලන්ත කණ්ඩායම ලකුණු රැස්කළේ ගෝල දිනුම් 9 ක් සමගිනි. නවසීලන්තය වෙනුවෙන් මැක්ගර්වි බ්ලැක් සහ සියෝන් මොලියා උත්සාහක දිනුම් 2 බැගින්ද, ස්කොට් කරී, ඩයිලන් කොලියර්, ජෝ වෙබර්, අකුයිලා රොකොලිසෝ සහ කැලෙබ් ටැන්ගිටාවු එක් උත්සාහක දිනුම බැගින්ද ලබාගත්හ. මැක්ගර්වි බ්ලැක් සහ අකුයිලා රොකොලිසෝ එම උත්සාහක දිනුම්වල ප්‍රවර්ථනයන් සාර්ථක කරගත්හ.


අදහස් (1)

නවසීලන්තය ශ්‍රී ලංකාවට බැට දෙයි
  • බී අමරසිංහ Saturday, 30 July 2022 05:55 AM

    පොදු රාජ්‍ය මණ්ඩල තරඟවලදී මීට පෙරත් අපිට නවසීලන්තය හමුවෙලා තියෙනවා. ඒකෙදී ලකුණු අසූ ගණනක් අරන් ඒ ගොල්ලෝ දින්නා. මේවා විනාඩි විස්සේ තරඟ. අපිට ආසියාවේත්... ජපානය, කොරියාව, තායිවානය වගේ රටවලට තරගයක් දෙන්න අමාරුයි. මම හිතන්නේ පාපන්දු, රගර් වගේ තරඟවල අපේ ක්‍ර්‍රිඩකයින්ට ශක්තිය, වේගවත් බව මදිද මන්දා...?

    Reply 0       0


ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.