Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd
(ෂේන් සෙනෙවිරත්න)
ජනාධිපති කුසලාන පිළිමලුන් පිටුදැකීමේ අන්තර් පාඨශාලීය පළමු පෙළ රග්බි ශූරතා තරගාවලියේ අර්ධ අවසන් පූර්ව තරඟයක් වශයෙන්කොළඹ සී.ආර්. ක්‍රීඩාංගනයේදී පැවති මහනුවර ත්‍රිත්ව පිලත් කටුගස්තොට ශාන්ත අන්තෝනි පිලත් අතර තරඟයේදී අන්තෝනි විදුහලට එරෙහිව උත්සාහක දිනුම් වරුසාවක් වැස්සූ ත්‍රිත්ව සිංහයෝ තරගයෙන් ලකුණු 62-05 ක පහසු ජයක් අත්කර ගත්හ.
ප්‍රථම අර්ධ නිමාවනවන විට 29-00 ක් ලෙසින් ත්‍රිත්ව විදුහල ඉදිරියෙන් සිටි මෙම තරඟයේ ජයග්‍රාහි ත්‍රිත්ව පිල ගෝල දිනුම් 07 ක්උත්සහක දිනුම් 02 ක් සහ දඬුවම් පහරක් මගින් ලකුණු රැස්කළේය.
ශාන්ත අන්තෝනි ක්‍රීඩකයෝ එක් උත්සාහක දිනුමකින් ලකුණු රැස් කළේය.
ත්‍රිත්ව විදුහල වෙනුවෙන් මිනුල යද්දෙහිගේ උත්සාහක දිනුම් ත්‍රිත්වයක් වාර්තා කිරීමට සමත් විය.
තරඟ විනිසුරු අනුර ශාන්ත මහතාගේ ප්‍රථම නලා හඬින් තරඟය ආරම්භ වී 03 වැනි විනාඩියේදී ත්‍රිත්ව පිලේ මිනුල යද්දෙහිගේ උත්සාහක දියුණුමක් ලබාගත්තේය. එහි ප්‍රවර්තනය අසාර්ථක විය.
තරඟයේ 11වැනි විනාඩියේදී අන්තෝනි ක්‍රීඩකයන් තහනම් කලාපයට පැමිණීම හේතුවෙන් ලද දඬුවම් පහරක් සාර්ථක කර ගැනීමට ත්‍රිත්ව විදුහලේ ශාන් අල්තාෆ් සමත් විය. තරගයේ 25 වැනි විනාඩියේදී ක්‍රියාත්මක වූ ත්‍රිත්ව විදුහලේ ප්‍රොප් ක්‍රීඩක මනුශ සිල්වා මීටර 30ක් පමණ තනිව දිව ගොස් උත්සහක දිනුමක් වාර්තා කළ අතර එහි ප්‍රවර්තනය ශාන් අල්තාෆ් විසින් සාර්ථක කර ගන්නා ලදී.
31 වැනි විනාඩියේදී ත්‍රිත්ව විදුහලේ උදාන් වීරකෝන් විසින් උත්සාහක දිනුමක් වාර්තා කළ අතර එහි ප්‍රවර්නයද ශාන් අල්තාෆ් විසින් සාර්ථක කරගන්නා ලදී.
පළමු අර්ධය නිමා වීමට මොහොතක් තිබියදී නැවතත් ක්‍රියාත්මක වු ත්‍රිත්ව විදුහලේ එරික් ජයසේන විසින් උත්සාහ දිනුමක් වාර්තා කළ අතර එහි ප්‍රවර්තනය ශාන් අල්තාෆ් විසින් සාර්ථක කර ගන්නා ලදී.
දෙවැනි අර්ධය ආරම්භ වී 02 වැනි විනාඩියේදී ත්‍රිත්ව විදුහලේ මිනුල යක්දෙහිගේ විසින් උත්සහක දිනුමක් වාර්තා කළ අතර එහි ප්‍රවර්තනයද ශාන් අල්තාෆ් විසින් සාර්ථක කර ගන්නා ලදී. 05වැනි විනාඩියේදි නැවතත් ක්‍රියාත්මක වූ ත්‍රිත්ව විදුහලේ හම්සා ආබ්දින් තවත් උත්සාහයක දිනුමක් වාර්තා කළ අතර එහි ප්‍රවර්ථනය දශාන් අල්තාෆ් විසින් සාර්ථක කර ගන්නා ලදී.
20 වැනි විනාඩියේදී නැවතත් ක්‍රියාත්මක වු ත්‍රිත්ව විදුහලේ මිනුල යක්දෙහිගේ විසින් උත්සාහක දිනුමක් වාර්තා කළ අතර එහිි ප්‍රවර්තනයද ශාන් අල්තාෆ් විසින් සාර්ථක කරගන්නා ලදී.
දෙවැනි අර්ධයේ 22වැනි විනාඩියේදී ශාන්ත අන්තෝනි විදුහල විසින් වාර්තා කරන ලද එකම උත්සාහයක දිනුම ඒ. සේනාරත්න විසින් වර්තා කරන ලද අතර එහි ප්‍රවර්තනය අසාර්ථක විය.
30 වැනි විනාඩි දී ත්‍රිත්ව විදුහලේ අවිශ්ක ජයසේකර විසින් උත්සහක දිනුමක් වාර්තා කරන ලද අතර එහි ප්‍රවර්තනයද ශාන් අල්තාෆ් විසින් සාර්ථක කරගන්නා ලදී. තරඟය නිමාවීමට මොහොතක් තිබියදී නැවතත් ප්‍රතිවාදී ලකුණු සීමාවට කඩා වැදුණ ත්‍රිත්ව විදුහලේ මිනුල යක්දෙහිගේ විසින් උත්සාහක දිනුමක් වාර්තා කළ අතර එහි ප්‍රවර්තනය අසාර්ථක විය.
තරඟ විනිසුරු අරුණ ශාන්ත මහතාගේඅවසන් නළා හඬ නිකුත් වන විටලකුණු 62-05 ක පහසු ජයක් ත්‍රිත්ව විදුහල විසින් වාර්තා කොට තිබුණි.
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.