කොළඹ ඩී. එස්. සේනානායක විදුහල සහ මහනුවර ශාන්ත අන්තෝනි විද්‍යාලය අතර වාර්ෂිකව පැවැත්වෙන රග්බි තරගය මෙම 9 වැනිදා (සෙනසුරාදා) කොළඹ හැව්ලොක්ස් ක්‍රීඩාංගණයේදී පැවැත්වෙයි. ඩී.එස්. සේනානායක විද්‍යාලයේ නිර්මාතෘවරයා වූ ආර්.අයි.ටී. අලස් මහතා මහනුවර ශාන්ත අන්තෝනි විද්‍යාලයේ කීර්තිමත් ආදි ශිෂ්‍යයෙකි.
සාඩම්බර රග්බි ඉතිහාසයකට හිමිකම් කියන මෙම විදුහල් දෙක අතර තරගාවලිය 2025 වසරේ සිට ආර්.අයි.ටී. අලස් අනුස්මරණ කුසලාන වෙනුවෙන් පැවැත්වේ. පසුගිය වසරේදී පැවැති තරගයේදී කොළඹ ඩී.එස්. සේනානායක විද්‍යාලය 26-19 ක් ලෙසින් ජයග්‍රහණය කළේය.

කොළඹ ඩී. එස්. සේනානායක සහ මහනුවර ශාන්ත අන්තෝනි විදුහල් රග්බි කණ්ඩායම් නායකයෝ ආර්.අයි.ටී. අලස් අනුස්මරණ කුසලාන අතැතිව
- 213
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.