Last Update  :  2025-05-06 16:48:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Rugby චීන තායිපේට 31-25 ක ජයක්

චීන තායිපේට 31-25 ක ජයක්

රොෂාන් ගුණරත්න - 2016 දෙසැ මස 18 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

සිය සගයන් රෝහල් ගත කිරීමෙන් දැඩි කම්පනයට පත්ව සිටි ශ්‍රී  ලංකා පිල 19න් පහළ පිලට ආසියානු කුසලාන රග්බි තරගාවලියේ චීන තායිපේ පිල සමග ඊයේ (17 වැනිදා) පැවැති තරගයෙන් ලකුණු 31-25 ක පරාජයකුත් අත්විඳ ගැනීමට සිදුවිය.


චීන තායිපේ පිල සමග පැවැති තරගයේ පළමු භාගය නිමාවෙද්දී ලකුණු 19-10 කින් පසුබැස සිටියේය. කෙසේ වෙතත් දෙවැනි භාගයේදී තරමක් ආක්‍රමණශීලී අයුරින් ක්‍රීඩා කරමින් තරගයේ 70 වැනි මිනිත්තුව වනවිට ලකුණු 25-24 කින් පෙරමුණ ගැනීමට ශ්‍රී ලංකා යොවුන් පිල සමත්වූයේ නවීන් හීනකංකානම්ගේ තැබූ අනගි උත්සාහක දිනුමකිනි.


තත්ත්වය එසේ තිබියදීත් බලාපොරොත්තු අත් නොහළ චීන තායිපේ කණ්ඩායම තරගය නිමාවීමට ඉතාම සුළු වේලාවකට පෙර ගෝලයක් ලබාගනිමින් තරගයේ ජය අත්පත් කරගත්තේ ලබන වසරේදී ශ්‍රී ලංකා පිලට අවුරුදු 19 න් පහළ පළමු කොටසේ තරගාවලියට එක්වීමේ අවස්ථාවත් අහිමි කරමිනි.


- 066

 


අදහස් (0)

චීන තායිපේට 31-25 ක ජයක්

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.