Last Update  :  2024-03-28 18:45:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Rugby කැනඩාව හමුවේ ඛේදජනක පරාජයක්
පොදු රාජ්‍ය මණ්ඩලීය ක්‍රීඩා උළෙල

කැනඩාව හමුවේ ඛේදජනක පරාජයක්

editorial - 2022 ජුලි මස 30 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

පොදුරාජ්‍ය මණ්ඩලීය ක්‍රීඩා උළෙලේ කාන්තා සත් සාමාජික රග්බි තරගාවලියේ තරගයකදී කැනඩාව හමුවේ ලකුණු 74 - 00 ක ඛේදජනක පරාජයකට මුහුණ දීමට ශ්‍රී ලංකා රග්බි කණ්ඩායමට සිදුවිය. තරගයේ පළමු අර්ධයේදී ලකුණු 36 - 00 ලෙස ඉදිරියෙන් සිටි කැනේඩියානු ක්‍රීඩිකාවෝ දෙවැනි අර්ධයේදී තවත් ලකුණු 38 ක් තම පිලට එකතු කර ගත්හ. ශ්‍රී ලංකාවට එකම ලකුණක් හෝ ලබාගත නොහැකි විය.

කැනේඩියානු ක්‍රීඩිකාවෝ උත්සාහක දිනුම් 12 ක් වාර්තා කිරීමට සමත් වූ අතර ඒවායින් 7 ක්ම ගෝල දිනුම් බවට ප්‍රවර්ථනය කරන ලදි.

ක්‍රිසී ස්කර්ෆීල්ඩ් උත්සාහක දිනුම් 5 ක් ලබාගත්තාය. ඔලීවියා ද කූවරර් උත්සාහක දිනුම් දෙකක්ද, කෙයාරා වෝඩ්ලි උත්සාහක දිනුම් දෙකක් ද ලබාගත්හ.

නායිකාව වන බ්‍රියැන් නිකලස් උත්සාහක දිනුම් 9 ක් ගෝල දිනුම් බවට ප්‍රවර්ථනය කිරීමට තැත් කළ නමුත් ඇයට සාර්ථතක කරගත හැකිවූයේ ඒවායින් 5 ක් පමණි. ගෝල දිනුම් බවට ප්‍රවර්ථනය කරන ලද ඉතිරි උත්සාහක දිනුම් දෙකට ඔලීවියා ඇප්ස් අතිරේක ලකුණු එකකු කළාය.

 

- 213

 


අදහස් (0)

කැනඩාව හමුවේ ඛේදජනක පරාජයක්

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.