Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd
(ශානුක අරවින්ද)
ශ්‍රී ලංකා පාසල් රග්බි සංගමය සංවිධානය කරන ඩයලොග් පාසල් රග්බි ලීගයේ පළමු කොටසේ 'ඒ' කාණ්ඩය යටතේ අද (23 වැනිදා) පැවති තරගයකදී මහනුවර ධර්මරාජ විදුහලට එරෙහිව ලකුණු 26-12 ජයක් වාර්තා කිරීමට කොළඹ ඉසිපතන විදුහල සමත් විය. මේ දක්වා තරග 4 කට සහභාගි වී ඇති ඉසිපතන ක්‍රීඩකයෝ එම තරග 4 න්ම ජය ලබා අපරාජිතව සිටිති.
කොළඹ හැව්ලොක් ක්‍රීඩාංගණයේදී පැවති මෙම තරගයේ පළමු අර්ධය අවසන් වන විට ලකුණු 12-07 ක් ලෙස පෙරමුණ ගැනීමට ඉසිපතන විදුහල සමත් විය. එහිදී ඉසිපතන ක්‍රීඩකයින් ගෝල දිනුමක් සහ උත්සාහක දිනුමක් සමගින් ලකුණු රැස්කළ අතර ධර්මරාජ ක්‍රීඩකයන් ලකුණු රැස්කළේ ගෝල දිනුමක් සමගිනි.
දෙවැනි අර්ධය තුළ තවත් ගෝල දිනුම් 2 ක් ලබාගැනීමට ඉසිපතන විදුහල සමත් වෙද්දී, ධර්මරාජ විදුහලට ලබාගත හැකි වූයේ එක් උත්සාහක දිනුමක් පමණි. ඒ අනුව නියමිත කාලය අවසන් වන විට ලකුණු 26-12 ක් ලෙස තරගයේ ජය ඉසිපතන විදුහල සතු විය. ධර්මරාජ විදුහල මෙවර තරගාවලියේදී ලද තෙවැනි පරාජය මෙය විය.
(ඡායාරූප - ඩයලොග් අනුග්‍රහයෙනි)
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.