Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd
(ශානුක අරවින්ද)
ශ්‍රී ලංකා පාසල් රග්බි සංගමය සංවිධානය කරන ඩයලොග් පාසල් රග්බි ලීගයේ පළමු කොටසේ තරග 8 ක් අද (23 වැනිදා) පැවැත්වීමට නියමිතය. පළමු කොටසට අයත් ‘ඒ’ කාණ්ඩායේ තරග 4 ක් සහ ‘බී’ කාණ්ඩයේ තරග 4 ක් ඊට ඇතුළත් වේ. මෙම තරගාවලියේ පස්වැනි සතියයි.
කොළඹ ඉසිපතන විදුහල සහ මහනුවර ධර්මරාජ විදුහල අතර කොළඹ හැව්ලොක් ක්‍රීඩාංගණයේදී පැවැත්වෙන තරගය ඉන් ප්‍රධාන තැනක් ගනී. සිවුවැනි සතිය අවසන් වන විට ඉසිපතන විදුහල සහභාගි වූ තරග 3 ම ජයගනිමින් ප්‍රසාද ලකුණක්ද සමග ලකුණු 16 ක් ලබා ‘ඒ-2’ කාණ්ඩයේ පෙරමුණ ගෙන සිටියි.
සහභාගි වූ තරග 3 න් එක් තරගයක් ජය පැරදුමකින් තොරව අවසන් කරගත් ධර්මරාජ විදුහල, සෙසු තරග දෙකම පරාජයට පත්විය. එබැවින් ඔවුන් ලකුණු 3 ක් ලබා ‘ඒ-2’ කාණ්ඩයේ 5 වැනි ස්ථානයේ පසුවේ. මෙම තරගයේදී ධර්මරාජ විදුහල පරාජය කිරීමට ඉසිපතන විදුහලට හැකි වුවහොත් ඔවුන්ට තවදුරටත් එම කාණ්ඩයේ පෙරමුණ මෙන්ම සිය අපරාජිත බවද රැක ගැනීමට හැකි වනු ඇත.
පළමු කොටසේ ‘ඒ’ කාණ්ඩයේ තරග
■ බම්බලපිටිය ශාන්ත පීතර විදුහල සහ කොළඹ වෙස්ලි විදුහල අතර ශාන්ත පීතර විදුහල් ක්‍රීඩාංගණයේදී
■ කොළඹ ඉසිපතන විදුහල සහ මහනුවර ධර්මරාජ විදුහල අතර කොළඹ හැව්ලොක් ක්‍රීඩාංගණයේදී
■ මහනුවර ත්‍රිත්ව විදුහල සහ මහනුවර කිංග්ස්වුඩ් විදුහල අතර පල්ලේකැලේ ක්‍රීඩාංගණයේදී
■ ගල්කිස්ස විද්‍යා විදුහල සහ මහනුවර විද්‍යාර්ථ විදුහල අතර විද්‍යා විදුහල් ක්‍රීඩාංගණයේදී
පළමු කොටසේ ‘බී’ කාණ්ඩයේ තරග
■ කුරුණෑගල මලියදේව විදුහල සහ මරදාන සහිරා විදුහල අතර මලියදේව විදුහල් ක්‍රීඩාංගණයේදී
■ කොළඹ තර්ස්ටන් විදුහල සහ සහ කොටහේන ශාන්ත බෙනඩික් විදුහල අතර තර්ස්ටන් විදුහල් ක්‍රීඩාංගණයේදී
■ ගාල්ල ඇලවීෂියස් විදුහල සහ මොරටුව වේල්ස් කුමර විදුහල ඇලවීෂියස් විදුහල් ක්‍රීඩාංගණයේදී
■ මහනුවර ශාන්ත සිල්වෙස්ටර් විදුහල සහ කොළඹ ආනන්ද විදුහල අතර බෝගම්බර ක්‍රීඩාංගණයේදී
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.