Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd
(ශානුක අරවින්ද)
බම්බලපිටිය ශාන්ත පීතර විදුහල සහ ගල්කිස්ස සාන්ත තෝමස් විදුහල අතර ‘ආචිබෝල්ඩ් පෙරේරා’ අනුස්මරණ කුසලාන වෙනුවෙන් ශාන්ත පීතර විදුහල් ක්‍රීඩාංගණයේදී පැවැති වාර්ෂික රග්බි තරගයෙන් ලකුණු 23-22 ක අතිශය තියුණු ජයක් වාර්තා කිරීමට සාන්ත තෝමස් විදුහල අද (19 වැනිදා) සමත් විය.
තරගයේ පලමු අර්ධය නිමාවට පත්වන විට ලකුණු 20-14 ක් ලෙස සාන්ත තෝමසුවෝ පෙරමුණ ගත්හ. එහිදී සාන්ත තෝමස් විදුහල උත්සාහක දිනුම් 4 ක් සමගින් ලකුණු රැස්කරද්දී, ශාන්ත පීතර විදුහල ලකුණු රැස්කළේ ගෝල දිනුම් 2 ක් සමගිනි. ලබාගත් උත්සාහක දිනුම් 4 න් එකක හෝ ප්‍රවර්ථනයන් සාර්ථක කර ගැනීමට සාන්ත තෝමසුවන්ට නොහැකි විය.
දෙවැනි අර්ධයේදී ශාන්ත පීතර විදුහල උත්සාහක දිනුමක් ලබාගනිමින් දඬුවම් පහරක්ද සාර්ථක කරගත් නමුත් සාන්ත තෝමස් විදුහලට සාර්ථක කරගත හැකි වූයේ එක් දඬුවම් පහරක් පමණි. කෙසේ වුවත් පළමු අර්ධය අවසානයේ පැවැති ලකුණු පරතරය අනුව නියමිත කාලය අවසන් වන විට සාන්ත තෝමසුවෝ ලකුණු 23-22 ක ජයක් හිමිකර ගත්හ.
මෙම තරගයේදී සාන්ත තෝමස් විදුහල වෙනුවෙන් මහිත් පෙරේරා, රෙහාන් වික්‍රමසූරිය, ජනිඳු ඩෙලාද, ශාන්ත පීතර විදුහල වෙන්වෙන් කුෂාන් තරිඳු, හිරුණ් ගුණරත්න, චතුමින නෙත්සරද උත්සාහක දිනුම් ලබාගත්හ. ශාන්ත පීතර විදුහලේ එමිත් ජයවීර ප්‍රවර්ථන 2 ක්ද, වින්ද්‍ය ද මෙල් දඬුවම් පහරක්ද සාර්ථක කරගත් අතර සාන්ත තෝමස් විදුහල වෙනුවෙන් දඬුවම් පහරක් සාර්ථක කරගනු ලැබුවේ යෙහාන් බුලත්සිංහලගේ විසිනි.
(ඡායාරූප - කුෂාන් පතිරාජ)
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.